මියන්මාරයේ හටගත් භූ කම්පනයෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට බලපෑමක් එල්ල වී නොමැති බව මියන්මාරයේ සහ තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල ප්‍රකාශ කළේය.
මියන්මාර තානාපති කාර්යාලය සඳහන් කර ඇත්තේ , ලාංකිකයින් 200 දෙනෙකු පමණ එරට තුළ සිටින බවය.
තායිලන්තයේ ලාංකිකයින් සිය දෙනෙකු පමණ සිටින බව ද, තානාපති කාර්යාලය ප්‍රකාශ කළේ ය.
භූ කම්පනයෙන් බැංකොක් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල ගොඩනැගිල්ලේ ඉරි තැලීම් සිදුව තිබේ.







