මියන්මාරයේ සයිබර් අපරාධ ප්‍රදේශයේ සිටින ශ්‍රී ලාංකිකයින් පිරිස මුදා ගැනීම සඳහා ත්‍රස්තවාදී කණ්ඩායම සමග සාකච්ඡා ආරම්භ කළ බව මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජානක බණ්ඩාර පවසයි.
තානාපතිවරයා සඳහන් කළේ, එම ත්‍රස්තවාදී කණ්ඩායම සමග සාකච්ඡා කිරීමට මියන්මාර ස්වදේශ කටයුතු අමාත්‍යවරයාගේ එකඟතාවය ලැබීමත් සමග අදාළ සාකච්ඡා ආරම්භ කළ බවයි.
මියන්මාරයේ, තායිලන්ත දේශසීමාවේ පිහිටි සයිබර් ක්‍රිමිනල් ඒරියා හෙවත් සයිබර් අපරාධ ප්‍රදේශය ලෙස හඳුන්වන ස්ථානයේ ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 56 දෙනෙකු බලහත්කාරයෙන් රඳවාගෙන සිටින සිද්ධිය දිගින් දිගටම මාධ්‍ය ඔස්සේ හෙළිදරව් විය.
මියාවෙඩ්ඩි නමැති නගරයේ සිට කිලෝමීටර් 25ක් දුරින් පිහිටා ඇති මෙම ප්‍රදේශය සම්පුර්ණයෙන්ම ත්‍රස්ත කණ්ඩාමක් ග්‍රහණයේ පැවතීම හේතුවෙන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ඔවුන් මුදා ගැනීම සඳහා දැඩි උත්සායක් දැරීමට සිදුව තිබේ.
මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජානක බණ්ඩා පැවසුවේ, එරට හමුදා රජයේ පාර්ශ්ව රැසක් හමුවී මේ වනවිටත් සාකච්ඡා කර ඇති බවය.
ශ්‍රී ලංකාවේ පමණක් නොව ඉන්දියාව ඇතුළු ආසියාතික රටවල් කිහිපයක තරුණ තරුණියන් සයිබර් වහලුන් ලෙස මෙම ප්‍රදේශයේ සිරව සිටින අතර ඇතැම් රටවල් හමුදා මෙහෙයුම් සිදු කරමින් ඔවුන්ව මුදා ගැනීමට ද කටයුතු කර තිබුණි.
පසුගිය මාසයේදී ත්‍රස්තවාදී කණ්ඩායමේ රියැදුරෙකුට පහරදී තරුණයින් සිව්දෙනෙකු හා තරුණියක මෙරටට නැවත පළාවිත් තිබුණේ රතු කුරුස සංවිධානයේ සහ මියන්මාර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සහය ලබා ගනිමිනි.
තානාපතිවරයා ප්‍රකාශ කළේ, ඔවුන්ගේ සෘජු මැදිහත්වීමෙන් මීට පෙර 37 දෙනෙකු ගලවාගත් බවයි.
තානාපති නිල වාහන සහ නිල නිවස භාවිත කරමින් ඇතැම් ක්‍රියාකාරකම් සිදුකළ බව ද තානාපති ජානක බණ්ඩා පැවසුවේ ය.
පසුගිය වසරක කාලය තුළ ශ්‍රී ලාංකික තරුණ තරුණියන් සංචාරක වීසා භාවිත කර තායිලන්තයට ගෙන ගොස් ඩොලර් 5000ක මුදලට ත්‍රස්තවාදීන්ට විකුණු බවට චෝදනා එල්ලවෙන පුද්ගලයින් දෙදෙනෙකු පිළිබඳව ද මාධ්‍ය වාර්තා කළේය. – නිවුස් ෆස්ට්







