එක්සත් ජතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලය විසින් මියන්මාරයට එරෙහිව ප්‍රථම වරට යෝජනාවලියක් සම්මත් කර ගැනීමට සමත්ව තිබේ.
මීට වසර දෙකකට පමණ පෙර මියන්මාරයේ බලය මිලිටරි ජුන්ටාවට යටත් වීමත් සමග එරට මානව හිමිකම් තත්ත්වය කඩා වැටීමටත් ජනතාවගේ ජීවන තත්ත්වය පහළ යාමටත් එරෙහිව අදාල යෝජනාව සම්මත කරගෙන තිබිණි.
මියන්මාරයේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ සොයා බැලීම් කරන විශේෂ වාර්තාකරු ටොම් ඇන්ඩෘෘ විසින් මේ සම්බන්ධයෙන් ජගත් ආරක්ෂක මණ්ඩලය ඉදිරියේදී අද දිනයේ විශේෂ ප්‍රකාශයක් කරමින් මෙම නව යෝජනාවලිය සම්බන්ධයෙන් සිය මතය ඉදිරිපත් කළේය.
එහිදී ඇන්ඩෘෘ ප්‍රකාශ කර සිටියේ මියන්මාරයට එරෙහිව ජගත් ආරක්ෂක මණ්ඩලයට තීරණයක් ගැනීමට හැකි වීම විශාල ජයග්‍රහනයක් බවයි. මෙහිදී අදාල යෝජනාවලි පරාජය කිරීමට නිෂේධ බලය යොදා නොගන්නා ආකාරයෙන් කටයුතු කිරීමට විශේෂත්වයක් බවට හෙතෙම පෙන්වා දුන්නේය.
මෙම අවස්ථාවේදී ඇන්ඩෘෘ මෙසේද පැවසීය,
″මීට වසර දෙකකට පමණ පෙර මියන්මාරයේ වැසියන්ට එරෙහිව එරට හමුදාව විසින් කුරිරු මර්දනයක් දියත් කිරීමෙන් පසු ප්‍රථම වතාවට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය මියන්මාරය සම්බන්ධයෙන් යෝජනාවක් සම්මත කර තිබීම විශේෂත්වයකි. නිෂේධ බලයෙන් වැළකී සිටීමට සමත් වූ යෝජනාවක් සැකසීමට සහ ඉදිරියට ගෙන යාමට එක්සත් රාජධානිය සහ අනෙකුත් ආරක්ෂක කවුන්සිලයේ සාමාජිකයින් විසින් දරන ලද උත්සාහයන් මම අගය කරමි.“
“කෙසේ වෙතත්, ආරක්‍ෂක කවුන්සිලයට සියලු ගෞරවය ඇතිව, ආරක්ෂක කවුන්සිලයේ VII පරිච්ඡේදයේ අධිකාරිය භාවිතා නොකර යම් යම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටීම, නීති විරෝධී මියන්මාර ජුන්ටාව මිලියනට 54 දෙනෙකුගේ ජීවිතවලට පහර දී විනාශ කිරීම වළක්වන්නේ නැත. ඒ නිසා දැන් අවශ්‍යව ඇත්තේ නිසි ලෙස ක්‍රියාවන් නැංවීමටයි.“
“නීතිවිරෝධී මිලිටරි ජුන්ටාවක් විසින් මියන්මාරයේ ජනතාව මත දිනපතා සිදු කරනු ලබන යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සඳහා එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල ශක්තිමත්, සම්බන්ධීකරණ ක්‍රියාමාර්ග අවශ්‍ය වේ.“
“යෝජනාවේ ඉදිරිපත් කර ඇති ඉල්ලීම් – ‘සියලු ආකාරයේ ප්‍රචණ්ඩත්වය වහා අවසන් කිරීම’, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, බාධාවකින් තොරව මානුෂීය ප්‍රවේශයේ අවශ්‍යතාවය සහ කාන්තාවන්ගේ සහ දරුවන්ගේ අයිතිවාසිකම්වලට ගරු කිරීමේ අවශ්‍යතාවය වැදගත් යෝජනාවේ. භාෂාව වඩා ප්‍රබල විය යුතුව තිබූ බවට ආරක්ෂක මණ්ඩල සාමාජිකයින් වන නෝර්වේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, එක්සත් ජනපදය, අයිස්ලන්තය සහ මෙක්සිකෝව කළ ප්‍රකාශ සමඟ මම මුළු හදවතින්ම එකඟ වෙමි.“
“මෙම යෝජනාවේ අන්තර්ගතය පැහැදිලි කරන්නේ මෙම අර්බුදය අවසන් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ගය ආරක්ෂක මණ්ඩලයෙන් නොපැමිණෙන බවයි. එබැවින් මියන්මාරයේ ජනතාවට සහය දැක්වීමේ දේශපාලන අභිලාෂය ඇති එම ජන සංහාරය අවසන් කිරීමට වහාම සම්බන්ධීකරණ ක්‍රියාමාර්ග ගැනීම අත්‍යවශ්‍ය වේ. ආරක්ෂක කවුන්සිලයේ යෝජනාව තවත් එහි අකර්මන්‍යතාවයෙන් පෙන්නුම් කරන අවසානයක් නොවිය යුතුය.“
“මියන්මාරයේ ජනතාවට වඩාත්ම අවශ්‍ය දේ ලබා දීමෙන් ඔවුන් සමඟ නැගී සිටීමට කැමති ජාතීන්ගේ වැඩ කරන සන්ධානයක් නිර්මාණය කිරීමට කාලය පැමිණ තිබේ.″









