නව පොලිස් ඇමති ප්‍රසන්න රණතුංගේ ප්‍රබලම දේශපාලන කඳවුරක් වන මිනුවන්ගොඩ අද දවස පුරාම විශාල විරෝධතා ව්‍යාපාරයක් දියත් වූයේය.
උදේ වරුවේ දහසකට ආසන්න විරෝධතාකරුවන් පිරිසක් නගරයේ වීදි පුරා සැරිසරමින් උද්ඝෝෂණ ව්‍යාපාරකය නිරතවූ අතර මිනුවන්ගොඩ නගරයේ සියලු කඩසාප්පු වසා දමා උද්ඝෝකයන්ට සහය පල කර තිබිණි. මිනුවන්ගොඩ ගෝටාගෝගම ඉදිරිපිට ද උද්ඝෝෂණ පැවැත්විනි.
මෙම විරෝධතා ව්‍යාපාරයේ ප්‍රධාන භූමිකාවක් නිරූපණය කළ අලුතපොල ගණේකන්ද රජ මහා විහාරයේ විහාරාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ චීන භාෂා අංශයේ මහාචාර්ය පූජ්‍ය නැදලගමුවේ ධම්මදින්න හිමිපාණන් පැවසුවේ පොලිසිය විරෝධයතාකරුවන් ඉදිරියේ ඉතාම වෘත්තීය භාවයකින් කටයුතු කළ බවය.
මිනුවන්ගොඩ මූලික රෝහල් අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් එක් වූ කාර්ය මණ්ඩලය හැර රෝහල් අධ්යක්ෂවරයාගේ සිට සුලු සේවකයා දක්වා මණ්ඩලය සවස 12 සිට 2 දක්වා විරෝධතා ව්‍යාපාරයක නිරත විය
අනතුරුව ප්‍රදේශයේ සර්ව ආමික නායකවරුන්ගේ ප්‍රධානත්වයෙන් දාහකට වැඩි සර්ව ආගමික පිරිසක් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් දියත් කළහ.
මහා වර්ෂාව මධ්‍යයේ තවමත් මිනුවන්ගොඩ ගෝටාගෝගම අසල තවම් විරෝධතාකරුවෝ විරෝධතාවයේ නිරතවෙමින් සිටිති.







