රඹුක්කන විරෝධතාකරුවන්ට වෙඩි තැබූ සහ ඊට අණ දුන් නිලධාරීන් අල්ලන්නැයි පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද ( 28) නියෝග කළේය.
ඉකුත් 19 දා ඉන්ධන හිඟය මුල්කරගෙන ඇති වුණු විරෝධතාවයේදී පොලිසිය විසින් වෙඩි තබා සිදුකළ ඝාතනය කළ පුද්ගලයාගේ නඩුව කැඳවූ අවස්ථාවේ දී මෙම වෙඩි තැබීමට අණදුන් සහ වෙඩි තැබූ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිප්ත කරන්නැයි කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න නියෝග කළාය.
අද උදේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ එවැනි නියෝගයක් පොලිස්පතිවරයාට නොලැබුණ බවය.
එහෙත් අද සවස් වරුවේ එම නියෝගය පොලිස්පතිවරයාට ලැබීමෙන් පසු එම නිලධාරීන් අත්අඩංගුවට ගන්නැයි පොලිස්පතිවරයා විසින් නියෝග කර තිබේ.
මෙම සිද්ධියෙන් චමින්ද ලක්ෂාන් නැමැති 41 හැවිරිදි දෙදරුපියකු මියගිය අතර තවත් පිරිසක් තුවාල ලදහ.







