අංගොඩ ලොක්කාගේ ප්‍රබල ගෝලයෙකු වන තිළිණ මදුරංග නොහොත් ‘මිනී ඔළුවා’ ගොතටුව පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
යුක්තිය මෙහෙයුමෙන් සැකකරු සමඟ තවත් තිදෙනෙකු, මහා පරිමාණයේ මත්ද්‍රව්‍ය ජාවාරම්වල නියුතු තවත් පස් දෙනෙකු සහ මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් 18 දෙනෙකු ද ගොතටුව පොලීස් අත් අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සැකකරුවන්ගෙන් 04 දෙනෙකු වෙනුවෙන් රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිත බව ද ගොතටුව පොලීසිය අවධාරණය කරයි.
පොලිස් සුනඛයින් යොදවාගෙන ගොතටුව පොලිස් වසමේ පාසල් අවට මත්ද්‍රව්‍ය සොයා මෙහෙයුම් අද (22) පෙරවරුවේ සිට සිදු කර තිබිණි.







