සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මිනිස්සු හාමතේ ඉන්න රටට  ගෑස් ටික ගන්න ලිට්‍රෝ   සමාගම වෙත  ලෝක බැංකුව දුන්න ණයෙන් කෝටි 114ක් පිල්ලි යැවූ හැටි විගණනය හෙළි කරයි…

by editor
ජනවාරි 10, 2024
in පුවත්
Gas
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

ලිට්‍රෝ ලංකා ගෑස් සමාගම විසින් (2022/2023) වර්ෂ සදහා  අඩුමිලට ගෑස් සැපයිමට   ප්‍රසම්පාදනය මගින් තෝරාගෙන තිබු  සමාගමේ  ප්‍රසම්පාදනය අවලංගුකර  එම මිලට වඩා  ඉහළ මිලකට වෙනත් සමාගමකින් ගෑස් මිලදි ගැනිම  හේතුවෙන්  පවත්නා ආර්ථික අර්බුදය හමුවේ රුපියල්   එකසිය දහතුන් කෝටි, අසු අට ලක්ෂ තිස් හත් දහස් හාරසිය තිහක  (1,138,837,430)  අමතර වැය බරක් රජයට දැරිමට සිදුවි තිබු බව ජාතික විගණන කාර්යාලය පවසයි.

ගෑස්  මෙට්‍රික්ටොන් 01ක්  ඇමරිකානු ඩොලර් 96ක මුදලකට සැපයිමට ප්‍රසම්පාදනය මගින් තෝරාගෙන තිබු  සමාගමේ  ප්‍රසම්පාදනය අවලංගුකර ගෑස් මෙට්‍රික්ටොන් 01ක් ඇමරිකානු ඩොලර් 129 හා 118.83 වැනි ඉහල මිලකට වෙනත් සමාගමකින් මිලදි ගැනීම  හේතුවෙන්  මෙම අමතර වැය බර රජයට දැරිමට සිදුවි තිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

ලෝක බැංකු අරමුදල මගින්  වෙන්කරනු  ලැබු මුදලින්  ඇමරිකානු ඩොලර් මිලියන 70ක්  රජය විසින් ලිට්‍රෝ ගෑස් සමාගම  සදහා ලබා දි තිබුණි.   එම   මුදල් යොදවා  ලිට්‍රෝ සමාගම විසින්  වැඩිමිලට  ගෑස්  මෙට්‍රික්ටොන්  ලක්ෂයක් මිලදි ගෙන ඇති බව විගණන වාර්තාවේ සදහන් වේ. 

2022 වර්ෂයේ  ජුනි සිට දෙසැම්බර් මස දක්වා කාලය තුළ ගෑස්  මෙට්‍රික්ටොන්  88,535ක්  ටොන් 01ක් ඇමරිකානු ඩොලර්  129 බැගින් මිලදි ගෙන තිබුණි. 

2022 දෙසැම්බර් මස සිට 2023 ජනවාරි මස දක්වා  කාලය තුල ගෑස්  මෙට්‍රික්ටොන් 9825ක්  මෙට්‍රික්ටොන් 01ක්  ඇමරිකානු ඩොලර් 118.83 බැගින් මිලදි ගෙන ඇති බව විගණන වාර්තාවේ සදහන් වේ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ගෑස් සැපයිම සදහා අවම මිල ඉදිරිපත් කරනු  ලැබු  සමාගම 2022/2023 වර්ෂ සඳහා සුදුසුකම් ලද සැපයුම්කරු බවට  2022  අප්‍රේල් මස 26 වැනිදින  තාක්ෂණික ඇගයිම් කමිටුව නිර්දේශ කොට තිබුණි. එය ප්‍රසම්පාදන කමිටුව විසින් ද අනුමත කර තිබුණි. 

මෙකි සමාගම සැපයුම්කරු ලෙස තෝරාගැනිම සදහා  2022 වර්ෂයේ මැයි 04 වැනිදින අමාත්‍ය මණ්ඩලයේ ද අනුමැතිය හිමිවි තිබුණි. ඉන් අනතුරුව වැඩිමිලට ගෑස් සැපයිම සදහා ඉදිරිපත් වු  සමාගම විසින්  ඉදිරිපත් කරනු ලැබු අභියාචනය  සලකා බැලු අභියාචනා මණ්ඩලය විසින්  ද අදාල ප්‍රසම්පාදනය අඩු මිලට ගෑස් සැපයිම සදහා තෝරාගනු ලැබු  සමාගම වෙත ලබාදිමට  අනුමැතිය ලබාදි තිබුණි. 

2022 වර්ෂයේ මාර්තු මාසයේ සිට  මෙරටට ගෑස් මිලදී ගැනිම සඳහා  නිශ්චිත ක්‍රම වේදයක් නොමැති අවස්ථාවක අඩුමිලට ගෑස් සැපයිමට  මෙකි සමාගම එකඟවි තිබුණි. එහෙත් එකි සමාගම විසින් ගෑස් සැපයිමට එකඟවු මිලද ඉක්මවා  වැඩිමිලට ගෑස් මිලදී ගෙන තිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ. එසේ වැඩිමිලට ගෑස් මිලදි ගනිමින් තිබියදි 2022 ජුනි මස 13 වැනිදින  අමාත්‍ය මණ්ඩලයේ තිරණයට අනුව නව ප්‍රසම්පාදනයක් ආරම්භ කිරිමට  තිරණය කොට තිබුණි.

අඩුමිලකට ගෑස් ලබාදිමට එකඟවු  සමාගම විසින් ක්ෂණික මිලදි ගැනිම සදහා පොරොත්තු ණය වර ලිපියක් සැපයිමට නොහැකි නම් කලින් ගෙවිමේ පදනම මත ගෑස් සැපයිමට එකඟවි තිබුණි. එහෙත් එම සමාගමේ ඉල්ලීමට ඉඩනොදි  ඉදිරිපත් කරණු ලැබු ඉල්ලිම සලකා බැලිමකින් තොරව  එම කොන්දෙසිය යටතේම වැඩිමිලට  වෙනත් එක් සමාගමකට පමණක් අවස්ථාව ලබා දි තිබු  බව විගණනය මගින් අනාවරණය කොට ඇත. 

මේ හේතුවෙන් මෙකී ප්‍රසම්පාදනය කිරිමේ විනිවිදභාවය  පිළිබද සැහිමකට පත්විය නොහැකි බව විගණනය මගින්  සඳහන් කොට තිබුණි.

ගෑස් ප්‍රසම්පාදනයට අදාල එකඟවු සහ තෝරාගනු ලැබු සැපයුම්කරුගෙන්  ඒ අයුරින් මිලදි  ගැනිමට  නොහැකිවිමට  එවකට  දිවයිනේ තිබු ආර්ථික අර්බුදකාරි තත්ත්වය  ඉවහල් වු බව ලිට්‍රෝගෑස් සමාගම විසින් නන් අයුරින්  අවධාරණය කොට තිබුණි. 

එහෙත් එවැනි අර්බුදකාරි තත්ත්වයන් තුළ  ගෙන තිබු තිරණයන්  ආර්ථික හා සමාජිය වශයෙන්  තිබු ප්‍රශස්තම හා අපක්ෂපාතිම තිරණය යන්න පිළිබද  අදාල බලධාරින්ගේ අවධානය යොමුවිය යුතු බවද විගණන වාර්තාවේ සදහන් වේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

යාපනයේ විශ්විද්‍යාලයේ හිටපු විද්වතෙක් වූ ආචාර්ය සබේසන් සිදම්බරනාදන් කළ නව නිපැයුමකට ලන්ඩනයේ ඉහළම සම්මානය!

Next Post

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ප්‍රකාශන කාර්යාංශයේ දිස්ත්‍රික් අළෙවි සැල් සියල්ල වසා දමයි…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.