සූරියවැව නුවන් ජයසේකර –
මිද්දෙණියේ මල් ශාලා හිමිකරුගේ ඝාතනයට කොන්ත්‍රාත්තුව ලබා දුන් බව කියන මිද්දෙණියේ කෝටිපති ව්‍යාපාරිකයා නීතීඥයෙකු මාර්ගයෙන් ඊයේ (08) සවස තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට බාර වීමෙන් පසු අත්අංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා මිද්දෙණිය පොලිසියට භාරදී ඇතැයි පොලිසිය පවසයි.
තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට භාරවීමෙන් පසු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මිද්දෙණිය මල් ශාලා හිමිකරුගේ ඝාතනය සදහා රුපියල් ලක්ෂ 20ක කොන්ත්‍රාත්තුවක් ලබා දුන් බව කියන මිද්දෙණිය නගරයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකු වන ඩබ්ලිව්.ඒ.කේ.පියල් රංජිත් (54) නොහොත් ඇට සුද්දා නැමති අයෙකි.
මෙම ඝාතනය සම්බන්ධයෙන් පොලිසිය සිදුකළ විමර්ශන වලදී වෙඩිතැබීම සිදුකළ බව කියන පුද්ගලයා හා වෙඩි තැබීම සදහා පැමිණි වැගන් ආර් වර්ගයේ කාර් රථය පැදවූ රියදුරුත්, ඔවුන්ට සහා දැක්වු බව කියන තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුත් ටී 56 වර්ගයේ ගිනි අවියක් සමග මීට පෙර අත්අඩංගුවට ගෙන වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
අත්අඩංගුවට පත් සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරිමේදි අනාවරණය වු තොරතුරු මත මෙම ඝාතනයේ කොන්ත්‍රාත්තුව ලබා දුන් බව කියන ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයාද අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන පැවැත්වෙමින් තිබියදී අදාල ව්‍යාපාරිකයා තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයට බාර වි තිබේ.
පසුගිය ජුනි මස 26 වන දින මිද්දෙණිය නගරයේදී වෙඩි තබා ඝාතනය කෙරුණේ මිද්දෙණියේ මල් ශාලා හිමි කරුවෙකු වන ඒ.කේ.පී.ප්‍රභාත් මංජුල (52) නැමති පුද්ගලයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සිදුකල මුලික විමර්ශනවලදී අනාවරණය වි තිබුණේ කෝටිපති ව්‍යාපාරිකයාගේ දියණියක ඝාතනයට ලක් වු මල් ශාලා හිමිකරුගේ පුතාගේ මිතුරෙක් සමඟ පලායාමේ සිදුවීමක් සම්බන්ධයෙන් ඇති වී තිබෙන ආරවුලක් බවයි.
අත්අඩංගුවට පත් කෝටිපති ව්‍යාපාරිකයා මිද්දෙණිය පොලිසිය මගින් වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරී අමල් එදිරිමාන්නගේ උපදෙස් පරිදි තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරීන් හා මිද්දෙණිය පොලිසි වැඩිදුර විමර්ශන පවත්වයි.