දිනසේන රතුගමගේ –
යාපනයේ ඉපිද මැලේසියාවේ දැවැන්ත ව්‍යාපාරික කටයුතුවල නිරත පුද්ගලයෙකුගේ 18 හැවිරිදි පුතා කෝටි ප්‍රකෝටි ධනයක් අතහැර පැවිදි වී තිබේ.
යාපනයේ ආනන්දන් ක්‍රිෂ්ණන් නැමති පුද්ගලයා මැලේසියාව තුළ දැවැන්ත ව්‍යාපාරිකයෙකු ලෙස කටයුතු කරණ අතර වසර හතළිහක් පමණ ඔහු මැලේසියාවේ ජීවත් වෙයි.
ඔහු සතු ධනය රුපියල් කෝටි 40,000 ක් පමණ වන බවට ගණන් බලා ඇති අතර ඔහුට ඉන්ධන පිරවුම්හල් කීපයක්, දුරකතන ජාලයක් රූපවාහිනී ආයතනයක් හා චන්ද්‍රිකා පද්ධතියක් අයත්ය.
මැලේසියාවේදී උපන් ඔහුගේ පුතා වන අජාන් ශ්‍රී පැන්යෝ මෙම ව්‍යාපාරවල මීළග හිමිකරුවා වූවත් ඔහු ඒ සියල්ලම අතහැර පැවිදි දිවියට ඇතුළත් වී තිබේ.
පැවිදිවීමෙන් පසුව ඔහු තායිලන්තයේ තාවෝ දූම් (Tao Dum ) ආරාමය වෙත ගොස් එහි සිට ධර්ම කටයුතු වල නිරත වීමට තීරණය කොට තිබේ.