අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මැල්සිරිපුර හිඳිමින්  සල්ලාල  දිවියක් ගෙවූ ද්විත්ව පුරවැසි සිවිල් ඉංජිනේරුවා ගේ ඝාතනය   තොරතුරු හෙළි වෙයි..

by editor
ඔක්තෝබර් 26, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ගයාන් කුමාර වීරසිංහ – 

මැල්සිරිපුර රේස්වත්තේ පිහිටි නිවසක පදිංචිව සිටි අමෙරිකානු පුරවැසිභාවය හිමි විශ්‍රාමික නාවික සිවිල් ඉංජිනේරුවරයාව  මරා දමා ඇත්තේ හිසට සහ මුහුණට පහරදී ගෙල කපා  බව කුරුණෑගල රෝහලේ පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී විශේෂඥ  අධිකරණ වෛද්‍ය  අජිත් ජයසේන නිගමනය කළේය.

මරා දැමීමෙන් පසු ගෙවත්තේ කෙසෙල් කොරටුවක් අසල වලදමා තිබුණු මළ සිරුර ඊයේ (25) ගොඩගෙන තිබිණි. මළ සිරුර කළු පැහැයට හුරු රෙද්දකින් ඔතා ඉටිකවරයක බහා වලදමා තිබී ඇත.  පොලීසිය පවසන්නේ පසුගිය 01 වෙනිදා හෝ ඒ ආසන්න දිනයකදී ඔහු ඝාතනය වී ඇති බවය

මුහුණට හා හිසට බරපතල ලෙස පහරදීමෙන්  අනතුරුව ගෙල කැපීමෙන් මරණය සිදුවූ  බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී  සිදුවන අනාවරණයන් අනුව  මෙම ඝාතනය බොහෝ විට සිදුව ඇත්තේ  ඔහු නිදාගෙන සිටියදී බවට සැකයක් මතු වී ඇත.

චිත්‍රානන්ද ජයරත්න නැමැති මෙම සිවිල් ඉංජිනේරුවරයා  පසුගිය 01 වෙනිදා සිට අතුරුදන්ව ඇති බවට ඉකුත්  08 වෙනිදා ඔහුට ආවතේවකරමින් ඔහු පදිංචිව සිටි  නිවසේ රැදී සිටි වැල්ලව පදිංචි පුද්ගලයෙක් මැල්සිරිපුර පොලීසියට පැමිණිලිකර තිබුණි.

මිලින්ද රුක්ෂාන් නැමැති එම පුද්ගලයා පොලීසියට පවසා තිබුණේ අනුරාධපුර වන්දනාවේ යන බව සඳහන් කරමින් පසුගිය 01 වෙනිදා පිටත්ව ගිය සිවිල් ඉංජිනේරුවරයා මෙතෙක් නිවසට  නොපැමිණි බවය. ඒ වන විට ඔහුගේ  දුරකතන පවා අක්‍රිව ඇති බවද ඔහු පවසා ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

වසර 40ක පමණ කාලයක් අමෙරිකාවේ සිට ඇති ඔහු විටෙන් විට මෙරටට පැමිණ ගොස්  තිබේ.  නීත්‍යානුකූල විවහායක්ද මෙතෙක් කරගෙන සිට නැති  ඔහු 2019 වසරේදී සිට මැල්සිරිපුර රේස්වත්තේ පිහිටි ඔහුගේ මහ ගෙදර  පදිංචිව සිට ඇත්තේ නැවත අමෙරිකාව බලා පිටත්ව නොගොස් සිය ජීවිතයේ අවසන් කාලය මෙරට ගත කිරීමට තීරණය කරගෙනය.

ඥාතීන්ද කිසිවෙක් ළඟ පාත පදිංචිව නැති අතර ඔහු 2019 වසරේ මෙරටට පැමිණි පසු වැඩියෙන්ම ඇසුරකර ඇති පුද්ගලයා වන්නේ ඔහුට ආවතේවකරමින් එම නිවසේ වැඩි කාලයක් ගැවසුණු රුක්ෂාන් නැමැති පුද්ගලයා බව පොලීසිය කියයි.

මෙම සිවිල් ඉංජිනේරුවරයාගේ  අතුරුදන්ව ඇති බවට එම පුද්ගලයා විසින් කළ පැමිණීල්ලට අනුව මැල්සිරිපුර පොලීසිය විමර්ශන ආරම්භකර ඇත්තේ එම ඉංජිනේරුවරයාගේ ඥාතීන් හඳුනා ගනිමින් ඔවුන්ට ද ඒ ගැන දැනුම් දෙමිනි.

ඒ අතර මාළඹේ උද්‍යානපාරේ පදිංචිව සිටින සිවිල් ඉංජිනේරුවරයාගේ ඥාතියෙක් වන එච්. අභයගුණවර්ධන නැමැති අයෙක්ද   පසුගිය 13 වෙනිදා මැල්සිරිපුර පොලිස් ස්ථානයට පැමිණ ඉංජිනේරුවරයාගේ අතුරුදන්වීම ගැන තවත් පැමිණිල්ලක් කර තිබුණි.

එම පැමිණිලි දෙකම සැළකිල්ලට ගනිමින් පොලීසිය  විමර්ශන පවත්වමින් සිටියදී ඉංජිනේරුවරයාට ආවතේවකම් කරමින් සිටි  ඉංජිනේරුවරයාගේ අතුරුදන්වීම ගැන පොලීසියට මුල් පැමිණිල්ල ඉදිරිපත් කළ රුක්ෂාන් නැමැත්තා පසුගිය 23 වෙනිදා ගෙල වැළලාගෙන සියදිවි හානිකරගෙන තිබුණි.

ඔහු සියදිවි හානිකරගෙන ඇත්තේ ද ඉංජිනේරුවරයාගේ නිවසේදීමය. මළ සිරුර හමුවීමට දින දෙකකට පෙර ඔහු සියදිවි හානිකරගෙන ඇත.

එම පුද්ගලයා සියදිවි හානිකර ගැනීමත් සමඟ ඔහු මත්කුඩු භාවිතයට ඇබ්බැහි වී සිටින අයෙක් මෙන්ම ඔහු සොරකම් සහ මංකොල්ලකෑම්වලට සම්බන්ධ අයෙක් බවට තොරතුරු පොලීසියට විවිධ පාර්ශව ඔස්සේ ලැබී ඇත.

සොරකම් සහ මංකොල්ලකෑම් සම්බන්ධයෙන් අධිකරණයේ විභාග වන නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් ඔහුට එරෙහිව වරෙන්තුවක් පවා නිකුත්කර තිබී ඇතැයිද ඒ ගැන කළ සොයා බැලීමේදී පොලීසියට අනාවරණය වී තිබේ.

මෙම තොරතුරු පොලීසියට ලැබීමත් සමඟ  සිවිල් ඉංජිනේරුවරයාගේ අතුරුදන්වීම  ගැන යම් සැකයක් මතුවීම හේතුවෙන් කුරුණෑගල කොට්ඨාශයභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපුල් චන්දන අබේසිංහ  කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ඇතුළු පොලිස් කණ්ඩායමක්ද, අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ නිලධාරීන් පිරිසක්ද පොලිස් නිල සුනඛ අංශයේ කණ්ඩායමක්ද යොදා පෙරේදා ඉංජිනේරුවරයා පදිංචිව සිටි නිවස පිහිටි වත්ත සෝදිසියකට ලක්කර තිබේ. ඉංජිනේරුවරයාව මරා වලදමා ඇති බව අනාවරණය වී ඇත්තේත් මළ සිරුර වළ දමා ඇති ස්ථානය සොයා ගෙන ඇත්තේත් එහිදීය.

මෙම සිවිල් ඉංජිනේරුවරයාගේ ඝාතනයෙන් පසු ඔහුගේ බැංකු කාඩ්පත භාවිතා කරමින් පෞද්ගලික බැංකුවක වැල්ලව පිහිටි ඒ.ටී.එම්. යන්ත්‍රයකින් අවස්ථා තුනකදී මුදල් ලබාගෙන ඇති බවද අනාවරණය වී තිබේ.

මෙම මුදල් බැංකු කාඩ්පතින් ලබාගෙන ඇත්තේ සිවිල් ඉංජිනේරුවරයාගේ ආවතේවකරුවෙක් ලෙස රැදී සිටි වැල්ලව පදිංචිකරු  විසිනි.

මෙම සිවිල් ඉංජිනේරුවරයා සල්ලාල ජීවිතයක් ගතකරමින් සිට ඇති අයෙක් බවටද තොරතුරු විමර්ශනවලින් අනාවරණය වී ඇත. අමෙරිකාවේ සිට ඔහු ඉද හිට මෙරටට පැමිණ ආගිය අවස්ථාවන් වලදී කාන්තාවක් සමඟ සමීප සම්බන්ධකමක් ගොඩනගාගෙන සිට ඇති බවත් ඔහුගෙන් එම කාන්තාවට දරුවෙක් ලැබී තිබෙන බවටත් තොරතුරු විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

මෙම සිවිල් ඉංජිනේරුවරයා පදිංචිව සිටි රේස්වත්තේ නිවසට නිතරම මත්කුඩු භාවිතයට ඇබ්බැහී වී සිටින තරුණ පිරිසක් එන යන බව ද විමර්ශනවලින් හෙළිවී තිබේ.

එම පිරිස් එහි ගෙන්වාගෙන ඇත්තේ ඉංජිනේරුවරයාට ආවතේවකම්කරමින් සිටි පුද්ගලයාය. ඉංජිනේරුවරයා සමඟ එම පුද්ගලයින් මත්කුඩු භාවිතා කර ඇති බවටද තොරතුරු මේ වන විට පොලීසියට ලැබී තිබේ.

මත්කුඩු සඳහා මුදල් වැයකර ඇතැයි කියැවෙන්නේද ඉංජිනේරුවරයාය. ඊට අමතරව විවිධ  කාන්තාවන් ද මෙම නිවසේ විටෙන් විට රැදී සිට ඇති බවටද තොරතුරු විමර්ශන වලින් අනාවරණය වී තිබේ.

මෙම සිවිල් ඉංජිනේරුවරයාගේ බැංකු ගිණුමක තිබුණු රුපියල් ලක්ෂ 22ක මුදලක් විටෙන් විට ලබා ගෙන ඇති බවත් එම මුදල් ඔහු විසින් වැය කරන්නට ඇත්තේ නිවසේ ගැවසුණු කාන්තාවන් වෙනුවෙන් සහ මත්කුඩු භාවිතයට පැමිණි පිරිසට බවට සැකයක්ද පොලීසියට මේ වන විට මතුවී තිබේ.

මෙම සිවිල් ඉංජිනේරුවරයාවද වරක් මත්කුඩු සිදුවීමක් සම්බන්ධයෙන් ගොකරැල්ල පොලීසියට හසුවී ඇති බවද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

මෙම සිවිල් ඉංජිනේරුවරයා සමඟ එකට මත්කුඩු භාවිතා කළ බව කියන පුද්ගලයින් දෙදෙනෙක් ඊයේ පොලිස් භාරයට ගෙන තිබුණු අතර මෙම ඝාතනය ගැන ඔවුන් දෙදෙනාගෙන් දීර්ඝ ලෙස පොලීසිය ප්‍රශ්න කරමින් ද සිටියේය.  පොලීසිය විශ්වාස කරනුයේ මෙම ඝාතන අභිරහස ඉතා ඉක්මනින්ම විසදීමට හැකිවනු ඇති බවය.

වයඹ පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති අනිල් ජයන්ගේ අධික්ෂණයෙන් කුරුණෑගල කොට්ඨාශයභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපුල් චන්දන අබේසිංහ මහතාගේ මෙහෙයැවීමෙන් කුරුණෑගල කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බණ්ඩාර දෙකදුවල මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විමර්ශන පවත්වයි.

දිනමිණ –

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අඩු බර පාන් සොයා වැටලීම ප්‍රශ්නයට විසඳුම නෙමෙයි… සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය…

Next Post

අවුරුදු 94ක් ආයු වළඳා ලෝකයේ අපිරිසිදුම මිනිසා මිය යයි… 

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.