කීර්ති ප්‍රනාන්දු –
අඩු බරින් යුතු පාන් නිශ්පාදනයට ඇතැම් බේකරි හිමියන් පෙළඹී ඇත්තේ තිරිඟු පිටි වල සහ සෙසු අමුද්‍රව්‍ය මිල අධික ලෙස වැඩි වීම නිසා සහ ඒවායේ හිඟය නිසා බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන පවසයි.
අඩු බර පාන් වැටලීම් කළාට එය ප්‍රශ්නයට උත්තරයක් නොවන බව පවසන ඔහු බේකරි හිමියන්ගේ ගැටලුවලට කඩිනම් විසඳුමක් දෙන තුරු ප්‍රශ්නය එතනම යැයිද පැවසීය .
මේ වන විට තිරිඟු පිටි ඇතුළු අමුද්‍රව්‍යවල මිල 300% කින් පමණ ඉහළ ගොස් ඇති බවත් මේ මිල වැඩිවීම නිසා පාන් නිෂ්පාදනය කිරීමට නොහැකිව දැනටමත් බේකරි 2000කට වැඩි සංඛ්‍යාවක් වැසී ඇති බවත් පවසන ජයවර්ධන මෙම තත්ත්වය නිසා පාන් නිෂ්පාදනයෙන් බේකරි හිමියන් ඉවත් වෙමින් සිටින බවද කීය
තිරිඟු පිටි ඇතුළු සෙසු අමුද්‍රව්‍ය වල අධික මිල නිසා ග්‍රෑම් 400ක පාන් ගෙඩියක් රුපියල් 190 ට200 ට නිෂ්පාදනය කළ නොහැකි නිසාත් ඇතැම් බේකරි හිමියන් අඩු බර පාන් නිශ්පාදනයට පෙළඹී සිටින බවද ඔහු වැඩිදුරටත් පැවසීය