මැයි 09 සාමාකාමී උද්ඝෝෂකයන්ට පහර දී රටම ගිනි තැබීම සිදුකළ අපරාධය සැලසුම් කිරීම, පෙළඹවීම සහ එම විනාශය වැළැක්වීමට පොලිසියට ඉඩ ලබා නොදීම සම්බන්ධව චෝදනා ලැබ සිටින පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 06 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන්කර ගැනීමට පාර්ලිමේන්තුවට පැමිණීමෙන් අනතුරුව ඊයේ (17) හරවා යැවූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද යළිත් එම පිරිසගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට පැමිණෙන්නට නියමිතය.
මෙම අපරාධය සම්බන්ධව ප්‍රධාන ලෙසම චෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු, පවිත්‍රා වන්නිආරච්චි, සංජීව එදිරිමාන්න, රෝහිත අබේගුණවර්ධන, සී බී රත්නායක සහ ඉන්දික අනුරුද්ධ යන අයගෙන් මෙලෙස ප්‍රකාශ ලබා ගනු ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් කණ්ඩායම් 05 ක් ඊයේ මොවුන්ගේ ප්‍රකාශ ලබා ගැනීමට පාර්ලිමේන්තුවට ගියද එය අද දක්වා කල් දමා තිබිණි.
අරගලකරුවන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රමාණවත් සාක්ෂි පවතී නම් මෙතෙක් හඳුනාගෙන ඇති මන්ත්‍රීවරුන් ඇතුලූ සැකකරුවන් 22 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙස නීතිපතිවරයා විසින් පෙරේදා දිනයේදී පොලිස්පතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ ලිඛිත දැනුම් දීමට අනුව ඊයේ සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගනු ලැබුවේය.
බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබාදී පිටවී ගොස් ඇත.