බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මැදපෙරදිග අර්බුදය හමුවේ සංචාරකයන් සහ විදේශගත ශ්‍රමිකයන් වෙනුවෙන් රජයෙන් විශේෂ වැඩපිළිවෙළක්!

by editor
මාර්තු 2, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

මැදපෙරදිග සහ ගල්ෆ් කලාපයේ උද්ගතව ඇති නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ, මෙරට රැඳී සිටින විදේශීය සංචාරකයන්ගේ ආරක්ෂාව සහ සුභසාධන කටයුතු සොයාබැලීමට සහ විදේශයන්හි සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව මෙන්ම සුභසාධනය වෙනුවෙන් ද රජය විශේෂ මෙහෙයුම් මාලාවක් දියත් කර තිබේ.

ඊයේ (01) සවස ජනාධිපති කාර්යාලයේදී සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ සහ ජනාධිපති ලේකම් ආචර්ය නන්දික සනත් කුමානායකගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණ ගනු ලැබීය.

සංචාරකයන් සඳහා වීසා සහන සහ පහසුකම්

දැනට දිවයින තුළ රැඳී සිටින සංචාරකයන් මුහුණ දෙන ප්‍රායෝගික ගැටලු සලකා බැලූ රජය, ඔවුන්ගේ වීසා වලංගු කාලය සති දෙකකින් (දින 14) ගාස්තුවකින් තොරව දීර්ඝ කිරීමට තීරණය කර ඇත. තවද අවශ්‍යය වේ නම් තවදුරටත් දීර්ඝ කිරීමට සලකාබලනු ඇත. මෙරට රැඳී සිටින සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් සැලසීමටත්, ඔවුන්ගේ ආරක්ෂාව සහ සුභ සාධන කටයුතු සොයා බැලීමටත් විදේශ අමාත්‍යාංශය හරහා අදාළ තානාපති කාර්යාල සමඟ සාකච්ඡා කර ඒ සම්බන්ධ කඩිනම් වැඩපිළිවෙළක් සැකසීමටත් මෙහිදී තීරණය විය.

මීට අමතරව මැදපෙරදිග රටවල් කිහියක ගුවන් අවකාශ වසාදැමීම නිසා ඇතිවී තිබෙන  අවහිරතා සැලකිල්ලට ගනිමින්, විදේශ අමාත්‍යාංශය සහ ගුවන් සමාගම් ඒකාබද්ධව, විකල්ප ගුවන් ගමන් මාර්ග ඔස්සේ සංචාරකයන්ට සිය රටවල් බලා යාමට ඇති හැකියාව සලකා බැලීමටද තීරණය විය.

එසේම මෙරටට පැමිණීමට අපේක්ෂා කරන සංචාරකයන්ට බාධාවකින් තොරව පැමිණීමට විකල්ප ගමනාන්ත පිළිබදව අදාල පාර්ශව සමග සාකච්ඡා කිරීමටද සහ ඊට අවශ්‍ය පහසුකම් සැලසීමට ද තීරණය විය.

RelatedPosts

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

සක්‍රීය මෙහෙයුම් මැදිරි

සංචාරකයන්ගේ සහ ශ්‍රමිකයන්ගේ සහාය සඳහා රජ්‍යය ආයතන කිහිපයක් හරහා පැය 24 පුරා ක්‍රියාත්මක සේවාවන් ස්ථාපිත කර ඇත:

  1. සංචාරක සංවර්ධන අධිකාරිය: මෙරට රැඳී සිටින සංචාරකයන් සඳහා විශේෂ ඒකකයක් පිහිටුවා ඇති අතර, 1912 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ ඕනෑම ගැටලුවක් දැනුම් දිය හැකිය.
  2. විදේශ සේවා නියුක්ති කාර්යාංශය: විදේශයන්හි සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ තොරතුරු සහ සහාය ලබා දීමට 1989 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ විශේෂ මෙහෙයුම් මැදිරියක් ක්‍රියාත්මක වේ.

මීට අමතරව විදේශ අමාත්‍යාංශය මැදිහත් වී මැදපෙරදිග සහ ගල්ෆ් කලාපයේ පිහිටි සියලුම ශ්‍රී ලංකා තානාපති කාර්යාල සමඟ එක්ව ඒකාබද්ධ යාන්ත්‍රණයක් සකස් කර ඇත. හදිසි අවස්ථාවකදී කඩිනම් ප්‍රතිචාර දැක්වීමටත්, ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමටත් සියලුම තානාපති කාර්යාල සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශය සූදානම්ව  සිටියි.

තවද සංචාරකයන්ගේ අභ්‍යන්තර ප්‍රවාහන කටයුතු බාධාවකින් තොරව සිදුකීරීමටත්, පවතින තත්ත්වය මත පදනම්ව කඩිනම් තීරණ ගැනීමටත් රජය සියලු කටයුතු සූදානම් කර ඇති බව මෙම සාකච්ඡාවේදී වැඩිදුරටත් අවධාරණය කෙරිණි.

මෙම අවස්ථාවට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, ජනාධිපති ජ්‍යේෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, විදේශ කටයුතු සහ සංචාරක අමාත්‍යාංශ ලේකම් අරුණි රණරාජා , ආගමන විගමන පාලක ජනරාල් චාමින්ද පතිරාජ, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝසල වික්‍රමසිංහ සහ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් ද සහභාගී වූහ.

තවද සංචාරක කර්මාන්තය නියෝජනය කරමින් ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාරක මෙහෙයුම්කරුවන්ගේ සංගමයේ (SLAITO) සභාපති නලින් ජයසුන්දර , ලේකම් සහ නිලාන් වික්‍රමසිංහ , ශ්‍රී ලංකා සංචාරක හෝටල් හිමියන්ගේ සංගමයේ (THASL) සාමාජික චන්ද්‍රා වික්‍රමසිංහ , නිහාල් මුහන්දිරම්   ඇතුළු හෝටල් හිමියන් රැසක් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශම්මි ගෝ හෝම්…. මිනිස්සු ක්‍රිකට් මූලස්ථානය වට කරති!

Next Post

ගෙවල්වලට පලයල්ලා බං… ෆුල් ටෑන්ක් ගහගෙන තවත් පෙට්‍රල් එකතු කරගන්න හිතන් උඹලා පෝලිම්වල ඉන්නේ හෙළුවෙන්…

Related Posts

පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!
  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.