පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධව තීරණාත්මක සාකච්ඡාවක් අද (16) මුද්‍රණාලයාධිපතිනිය, මහා භාණ්ඩාගාර ලේකම් සහ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අතර පැවැත්වේ.
මෙම සාකච්ඡාවේ දී මැතිවරණය පැවැත්වෙනවා ද නැද්ද යන්න පිළිබඳව අවසන් තීරණයක් ගනු ඇතැයි මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කළේය.
මැතිවරණය පැවැත්විම සඳහා ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම, ඊට අදාල ගෙවීම් සහ අනෙකුත් වියදම් සම්බන්ධව අද දිනයේ ස්ථිර වශයෙන්ම ලේකම්වරයාගෙන් ඔහුගේ ස්ථාවරය දැනගැනීමට නියමිතව තිබේ.
මේ වනවිට ඡන්දය පැවැත්විය හැකි බව මැතිවරණය පැවැත්විය හැකි බව මැතිවරණ කොමසාරිස්වරයා පවසයි.
එහෙත් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරිම සඳහා තමන් වෙත තවමත් මුදල් නොලැබුණ බවත් මුදල් ලැබුණහොත් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන බවත් මුද්‍රණාලයාධිපතිනිය ප්‍රකාශ කර තිබේ.
මේ අනුව අද පැවැත්වෙන සාකච්ඡාවේ දි පවතින ගැටලු සහ ඉදිරි පියවර සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණීමට නියමිතව ඇත.







