මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් කිසිසේත්ම ඉල්ලා අස්නොවන බවට මැතිවරණ කොමිසම තහවුරු කර ඇත.
එම කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා වැඩිදුරටත් පවසා ඇත්තේ මැතිවරණ කොමිසමේ එක් සාමාජිකාවක් වූ පීඑස්ජී චාල්ස් සිය රාජකාරිවලින් ඉල්ලා අස්වීම පිළිබඳ කිසිම ලිඛිත දැනුම්දීමක් මැතිවරණ කොමිසම වෙත මේ වනතුරු නිල දැනුම් දීමක් සිදුකර නැති බවය.
කෙසේ වෙතත් ජීඑස්ජී චාල්ස් සිය රාජකාරිවලින් බැහැරවීම සඳහා යොමු කර ඇති ලිපියක් ජනාධිපති ලේකම් කාර්යාලයට ලැබී ඇති බව ප්‍රකාශ වී ඇත.
මැතිවරණ කොමිෂන් සභාව සාමාජිකයින් 05 දෙනෙකුගෙන් සමන්විත වේ. නීතිඥ නිමල් පුංචිහේවා එහි සභාපතිත්ත්වය දරන අතර සෙසු සාමාජිකයන් වන්නේ එස්බී දිවාරත්න, එම්.එම්. මොහොමඩ්, කේ.පී.ජී පතිරණ සහ පී.එස්.එස්. චාල්ස්ය.
ඉල්ලා අස්වීම සම්බන්ධව ප්‍රශ්නය මතු වී ඇත්තේ පීඑස්එම් චාල්ස් සම්බන්ධවය.
කොමිසමේ සාමාජිකාවක් ඉල්ලා අස්වීමෙන් කොමිසමට බලපෑමක් එල්ල නොවන බවත්, ගන්නා ලද තීන්දු එලෙසම ක්‍රියාත්මක වන බවත් මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා අවධාරණය කර තිබේ.
කෙසේ වෙතත් මේ වනවිටත් මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා සඳහා අයදුම්පත් කැඳවීමට ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තීරණය කර ඇත.







