පලාත් පාලන මැතිවරණය කල්දැමීම සම්බන්ධව ලබන 12 වැනිදාට පෙර ස්ථිර තීන්දුවක් ගැනීමට රජය සහ මැතිවරණ කොමිසම සාකච්ඡා කරමින් සිටින බව රජයට සම්බන්ධ ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.
රටේ පවතින මූල්‍ය හිඟය හේතුවෙන් මේ මැතිවරණය කල් දැමීම සඳහා සියලු පාර්ශවයන්හි කැමැත්ත පල වී ඇතැයි එම ආරංචි මාර්ග හෙළි කරයි.
මැතිවරණ ව්‍යාපාරයේ මේ වනවිට නියැලී සිටින විපක්ෂයේ ඇතැම් දේශපාලන පක්ෂවල ඇතැම් නියෝජිතයින් ද මේ අවස්ථාවේ මැතිවරණයක් සුදුසු නැති බව නිල නොවන ආකාරයට රජය වෙත දැනුම් දි ඇතැයි එම ආරංචි මාර්ග තහවුරු කරයි.
ඒ අනුව මැතිවරණය කල් දැමීමට මේ වනවිට සියලු කටයුතු සූදානම්ව තිබෙන බව දැනගැනීමට ඇත.
මැතිවරණය කල් දමන ලෙස ඉල්ලා අධිකරණය හමුවේ ඉදිරිපත්ව ඇති නඩුව ලබන 10 වැනිදා විභාග විමට නියමිතව තිබේ.
ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට රාජ්‍ය මූල්‍ය තත්ත්වය ගැන සලකා මැතිවරණය කල් දැමීම සඳහාවන යෝජනාවක් එදින අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට සූදානම් කර තිබේ.
මේ අතර 9 වැනි පාර්ලිමේන්තුවේ සිව්වන සැසි වාරය ලබන 08 වැනිදා ආරම්භ කිරීමටත් මෙහිදී විශේෂ ප්‍රකාශයක් රට හමුවේ තැබීමටත් ජනාධිපතිවරයා සැලසුම් කර තිබේ.
එම ප්‍රකාශයේ ද රටේ පවතින වත්මන් ආර්ථික අර්බුදය සහ වියදම් පිළිබද මෙන්ම අනාගත 1948 දක්වා වූ සංවර්ධන සැලැස්ම එළිදැක්වීමට සැලසුම් කර ඇතැයි රජයේ ප්‍රකාශකයෙක් පැවසිය.