පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාල මුදල් ප්‍රතිපාදන රඳවා ගැනීම වළකමින් අද (03) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීන්දුව අනුව මුදල් අමාත්‍යංශය සහ රජයේ ම්‍රද්‍රණාලය සමඟ සාකචඡා කර ලබන මාර්තු 09 වැනිදාට පෙර පළාත් පාලන මැතිවරණයක් පැවැත්වීමේ නව දිනය ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
නව මැතිවරණ දිනයක් ප්‍රකාශයට පත් කිරීම සඳහා අද (03) මැතිවරණ කොමිසම රැස්වුවද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉදිරි මැතිවරණය පැවැත්වීමට අදාලව අද දිනයේ ලබා දෙන ලද තීන්දුව හේතුවෙන් කටයුතු ප්‍රායෝගිකව සිදුකිරීමේ පහසුව වෙනුවෙන් යළි ලබන සතියේ කොමිසම රැස්වී නව දිනයක් ප්‍රකාශ කිරීමට තීන්දු කරගෙන ඇත.
දෙශපාලන පක්ෂ නියෝජිතයන් විසින් මැතිවරණයට අදාල මුදල් ප්‍රතිපාදන රඳවා ගැනීම වළකාලමින් තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි කළ ඉල්ලීමට අනුව අද ශ්‍රේෂ්ඨාධිකරණය , පාර්ලිමේන්තුව මගින් සම්මත කර තිබෙන අයවැය තුළින් 2023 වසරේ පළාත් පාලන මැතිවරණ කටයුතු සඳහා වෙන්කර තිබෙන මුදල් ප්‍රතිපාදන රඳවාගැනීම වළක්වාලමින් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට හා නීතිපතිවරයා වෙත තහනම් නියෝගයක් නිකුත් කළේය.
එමෙනම් ඡන්ද පත්‍රිකා මුද්‍රණය වෙනුවෙන් රජයේ මුද්‍රණාලය සඳහා වෙන්කර තිබෙන මුදල් ප්‍රතිපාදනද රඳවා ගැනීම ද වළක්වාලමින් අධිකරණය තවත් අතුරු නියෝගයක් නිකුත් කළ අතර මේ අනුව ඉදිරියේදී මෙ ආයතන ගනු ලබන පියවර පිළිබඳව මැතිවරණ කොමිසම සාකචඡා කිරීමට නියමිතය.
අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර සිටින මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට සහ ජනාධිපතිවරයා වෙනුවෙන් නම්කර තිබූ නීතිපතිවරයා වෙත මෙම අතුරු නියෝග නිකුත් කරනු ලැබීය.