සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මා ඝාතනය වුනොත් එහි වගකීම රජය භාරගත යුතුයි…

අවුරුදු 04ක් තිස්සෙ ආරක්ෂාව ඉල්ලාව... මේ ඉල්ලන්නෙ අන්තිම පාරට - මඩකලපුව ශ්‍රී මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමි!

by editor
පෙබරවාරි 14, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න- 

නැගෙනහිර පළාතේ සිදු කරන පොදු සමාජීය හා ජාතික සේවාව සැලකිල්ලටගෙන තමන්ට වහාම අවශ්‍ය ආරක්ෂාව සපයන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව මඩකලපුව ශ්‍රී මංගලාරාමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන නාහිමියෝ අද (14) දහවල්   මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් පැවසූහ.

මඩකලපුව කෙවිලියාමඩුව විහාරස්ථානයේදී ඊයේ (13) අලුයම උන්වහන්සේ වැඩ සිටි කුටිය තුළට එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන්  අනතුරුව පොලීසියෙන් පුළුල් පරීක්ෂණ ආරම්භ කළද කිසිදු සැකකරුවකු මෙතෙක් අත්අඩංගුවටගෙන නොමැති බැවින් තමන්ට තවදුරටත් විහාරස්ථානයේ වැඩ සිටීම ආරක්ෂාවට තර්ජනයක් බවත්, විහාරස්ථානයට අවශ්‍ය ආරක්ෂාව සැපයීමට රජය වහාම පියවර ගත යුතු බවත්, ජීවිතයට යම්කිසි හානියක් සිදුවුවහොත් එය රජය භාරගත යුතු බවත්අම්පිටියේ සුමනරතන නාහිමියෝ සඳහන් කළහ.

පොදු සමාජ ක්‍රියාවලිය නිරත වන බැවින් තමන්ට සතුරන් වැඩි බවත්, මෙම තත්ත්වය පදනම් කරගනිමින් වසර කිහිපයක සිට තමන්ට ආරක්ෂාව සලසා දෙන ලෙස පොලිස්පතිතුමාගේ සිට උසස් ආරක්ෂක අංශය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියද එය ඉටු නොවුන බවත් උන්වහන්සේ කීහ.

රජයේ ප්‍රබල ඇමතිවරයෙකු තමා පොලිස් නිලධාරියෙකුට පහර දුන්නැයි   පවසමින් ආරක්ෂාව ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බවද, එසේ පහර දී ඇත්නම් පරීක්ෂණයක් සිදුකර ලෙසද, සිද්ධිය පදනම් කරගනිමින් තමන්ට ආරක්ෂාව ලබා නොදෙන බවද අම්පිටියේ සුමනරතන නාහිමියෝ  මෙහිදී අනාවරණය කළහ.

නැගෙනහිර පළාතේ සිංහල, බෞද්ධ ජනතාවගේ සංස්කෘතිය, හා අයිතිය පිළිබඳ කතා කරමින් තමන් වහන්සේ දැඩි අරගලයක නිරත වන නිසා බොහෝ පිරිසකට එය ඔවුන්ගේ කටයුතුවලට බාධාවක් බව සුමනරතන හිමියෝ කීහ.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

බැවින් තමා ඝාතනය කිරීමට කුමන්ත්‍රණ කරන බවට සැකයක් පවතින්නේ යැකි කී උන්වහන්සේ නැතිනම් මෙය තමන්ට වෙඩිතබා බිය ගන්වා  නැගෙනහිර පළාතෙන් පලවා  හැර ජාතිවාදීන්ගේ අභිලාෂයන් සපුරා ගැනීමේ   සූදානමක් විය හැකි බව   පැවසූහ.

රජය තමන් වෙත  ආරක්ෂාව නොදීමෙන්  නැගෙනහිර පළාතේ බෙදුම්වාදී, ජාතිවාදීවාදීන්ගේ ඉල්ලීම් වලට අවනතව රජය ක්‍රියා කරනවාදැයි   තමාට සැකයක් පවතින බවද අම්පිටියේ සුමනරතන හිමියෝ  පැවසුහ.

“මම දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනයේ අරගලයට කොළඹ ගියාට පස්සේ දිගින් දිගටම මරණීය තර්ජන එල්ල වුණා, නමුත් මම එතරම් ගණන් ගත්තේ නෑ. දහතුන් වැනිදා අලුයම මම වැඩ සිටි විහාරස්ථානයේ කුටියේ ජනෙල් වලට වෙඩි තියන්න පටන් ගත්තා. කොටි   ත්‍රස්තවාදීන්ගේ කාලයේවත් මගේ ජීවිතයට තර්ජනයක් තිබුණේ නැහැ. මගේ වාසනාවට බේරුණා.”

“ මගේ ජීවිතයට හානියක් වුනොත් රජය වගකිව යුතුයි.   , මොකද මම ආරක්ෂාව අවුරුදු හතරක් තිස්සේ ඉල්ලුවා. නමුත් කිසිම ආරක්ෂක ඇමතිවරයෙක් මට ආරක්ෂාව ලබා දීල නෑ. සිවිල් ආරක්ෂක බලකායේ කීපදෙනෙක් ඉන්නවා නමුත් ආයුධ නෑ. ඕකයි අද තත්වෙ.  එනිසා මෙම තත්ත්වයන් සැලකිල්ලට ගෙන නැගෙනහිර ජනතාවගේ නාමයෙන් විහාරස්ථානයට අවශ්‍ය පොලිස් හෝ යුධ හමුදා ආරක්ෂාව ලබාදීමට කටයුතු කරන ලෙස ආරක්ෂක ඇමතිවරයාගෙන්, ජනාධිපතිවරයාගෙන්, අගමැතිවරයාගෙන් අවසන් වරට ඉල්ලා සිටිනවා.”   සුමනරතන නාහිමියන් සඳහන් කළහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මුදල් දෙන තුරු ඡන්ද පත්‍රිකා මුද්‍රණය රජයේ මුද්‍රණාලයෙන් ප්‍රතික්ෂේප කිරීම නිසා හෙට තැපැල් ඡන්ද පත්‍රිකා බෙදන්න බැරිවෙයි…

Next Post

වියදම් සීමා කිරීමේ ජනාධිපති චක්‍රලේඛය සියල්ල තීන්දු කරන ලකුණු… තැපැල් ඡන්දය දින නියමක් නැතිව කල් යයි!

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.