මාලිගාවත්ත සංඝරාජ වටරවුම් ආසන්නයේදී අද (01) සවස වෙඩි තැබීමක් සිදු වී තිබේ.වෙඩි වැදුන පුද්ගලයා බරපතල තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
වෙඩි ප්රහාරයට ලක් වී ඇත්තේ බේස්ලයින් ප්රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකි
වෙඩි පහරට ලක් වූ පුද්ගලයා ඔහුගේ සොහොයුරා සමග මාළිගාවත්ත එච්.ආර්. ජෝතිපාල මාවතේ පිහිටි ත්රී රෝද රථ අලුත්වැඩියා කරන ස්ථානයක සිටිය දී මෙම වෙඩි ප්රහාරයට ලක් වී ඇත.
යතුරු පැදියකින් පැමිණි ඝාතකයින් දෙදෙනෙක් මෙම වෙඩි තැබීම සිදුකර පලා ගොස් තිබේ.
මාළිගාවත්ත පොලිිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.