අද (14) මාලිගාකන්ද අධිකරණයේ නඩු කටයුත්තකට පැමිණ පා ගමනින් ගමන් කරමින් සිටි යුවලක් ඉලක්ක කරගෙන යතුරු පැදියකින් පැමිණි කුලී ඝාතකයින් දෙදෙනෙක් කළ වෙඩි තැබීමෙන් කාන්තාවක බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවත් ඇයගේ තත්ත්වය බරපතල බවත් රෝහල් ආරංචි මාර්ග කියයි.
තුවාල ලබා ඇත්තේ ටී.ඒ. නිලූකා දිල්හානි නමැති කොළඹ 13 ප්රදේශයේ පදිංචි 40 හැවිරිදි කාන්තාවකි. මාලිගාකන්ද අධිකරණ සංකීර්ණය අසලදී අද සවස තුනට පමණ සිදුකළ මෙම වෙඩිතැබීම අසල තිබූ CCTV කැමරාවකද සටහන්වී තිබුණි.
පොලීසිය සැකකරන්නේ වෙඩික්කරුවන්ගේ ඉලක්කය වී ඇත්තේ මාලිගාකන්ද අධිකරණයේ ක්රියාත්මක නඩුවක වරෙන්තු කරුවෙක් වූ එ එම කාන්තාව සමග සිටි පිරිමි පුද්ගලයා වියහැකි බවය. වෙඩිතැබීම සිදුකර ඇත්තේ අදාළ නඩුව සඳහා ඔවුන් පැමිණි අවස්ථාවේදීය.
සිද්ධිය සම්බන්ධයෙන් මරදාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.







