සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මාස 07කට පොලිසියේ 300ක් වැඩ තහනම්…. බන්ධනාගාරගතව ඉන්න ආගමන විගමන පාලක, ඇප පිට ඉන්න පොලිස්පති සහ බන්ධනාගාර කොමසාරිස් සහිත රටක කතාව ඇමති කියයි!

by editor
අගෝස්තු 1, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ගෙවුනු මාස හත ඇතුළත පොලිස් නිලධාරීන් තුන් සියයකගේ වැඩ තහනම් වී ඇතැයි මහජන ආරක්ෂාව සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල කීවේය.

තරාතිරම කුමක් වුවත් නීති විරෝධීව වැඩ කරන ඕනෑම කෙනෙකුට නීතිය තදින් ක්‍රියාත්මක කරන බවකී අමාත්‍යවරයා ආගමන විගමන පාලකවරයා මේ වනවිට ඉන්නේ බන්ධනාගාරගතව බවත්,  පොලිස්පතිවරයා බන්ධනාගාරගතව සිට ඇප මත නිදහස්ව සිටින බවත්, බන්ධනාගාර කොමසාරිස්වරයා තමන්ගේම දෙපාර්තමේන්තුව යටතේ ඇති බන්ධනාගාරයක බන්ධනාගාරගතව සිටි ඇප මත සිටින බවත් පැවසුවේය.

මේ ආයතන තුනම වැඩ බලන ප්‍රධානීන්ගේන් පාලනය වීම රටක් ලෙස අප සිටින තත්ත්වය පෙන්වා දෙන බව මහජන ආරක්ෂක ඇමතිවරයා පෙන්වා දුන්නේය.

” සමස්ථයක් ලෙස රාජ්‍ය සේවයේ අප ඉතා උසස් ප්‍රසාදිත මට්ටමක නෙමෙයි ඉන්නේ. රාජ්‍ය සේවයේ පොදුවෙ ගත්තාම ජනතාව තුළ විශ්වාසය තියන්න බැරි මට්ටමටම සමහර කාරණා මේ කාලය තුළ සිද්ධ වෙලා තියනවා.”

” රාජ්‍ය සේවයට බලපෑමකින් තොරව පිරිස් බඳවා ගැනීම, රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීම. රාජ්‍ය සේවයේ සුළු පිරිසක් කරන වැරදි වැඩ නිසා සමස්ථ රාජ්‍ය සේවයටම හානියක් සිද්ධ වෙනවා.”

RelatedPosts

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

” ඒ තත්ත්වය වැළැක්වීමයි අපේ අරමුණ. පොලිස් දෙපාර්තමේන්තුවේ ජනවාරි මස සිට මේ දක්වා පොලිස් නිලධාරීන් 300ක් වැඩ තහනම් වෙලා තියනවා. ඒක විශාල ප්‍රමාණයක්. එහෙම වැඩ තහනමට ලක් වෙන්නේ තමන්ට ලැබුණ රැකියාව සම්බන්ධව ආදරයක් බැඳීමක් තමන් ලබන වැටුප ලැබෙන්නේ කෙසේ ද කියලා හැඟීමක් දැනීමක් නැති තැන.”

” සමහර අය අවරුදු 25ක් රාජ්‍ය සේවයෙ ඉඳලා තනතුරු වැටුප අහිමි කරන් සිරගත වෙන අවස්ථා අපි දැකලා තියනවා. අපේ ආගමන විගමන පාලක ජෙනරාල්වරයාට මුලට තියනවා වැඩ බලන කියලා. පොලිස්පතිවරයාට මුලට තියනවා වැඩ බලන කියලා… බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්ට මුලට තියනවා වැඩ බලන කියලා. ”

” ඇයි වැඩ බලන ඇවිත් තියෙන්නේ. මේ දෙපාර්තමේන්තුවේ ආගමන විගමන පාලක ජෙනරාල්වරයා සිරගත වෙලා. පොලිසියේ පොලිස්පතිවරයා සිරගත වෙලා ඇප පිට ඉන්නවා. විමර්ශන යනවා. බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා තමන්ගේම බන්ධනාගාරයේ සිරගත වෙලා ඇප පිට නිදහස්වෙලා ඉන්නවා. ප්‍රධාන ආයතනවල දැන් ඉන්නේ වැඩ බලන තනතුරු. ඇයි එහෙම වෙන්නේ.”

“අප ආයතනයක රැකියා ලබනකොට ඒක රැකියාවකට පමණක් ලඝු කරගත්තොත් අපි ඒක තාවකාලික අවස්ථාවක් හැටියට හිතුවොත් එවැනි දේ සිද්ධ වෙන්න පුලුවන්.”

එබැවින් රජයක් ලෙස තරාතිරම කුමක් වුව ද සියලු දෙනා එක සමානකොට සලකා නීතිය ක්‍රියාත්මක කරන බව ඇමතිවරයා පැවසුවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

එස්.එම්. චන්ද්‍රසේන ඇප පිට නිදහස්!

Next Post

ක්‍රෙඩිට් එක ජනාධිපති තුමාට තමයි… ඒත් මේ ලැබුවේ රටක් විදිහට පක්ෂ පාට අමතක කරළා කළ සටනක සාමුහික ජයග්‍රහණයක්… හර්ෂ කියයි!

Related Posts

පුවත්

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

ජූනි 26, 2026
Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

ජූනි 26, 2026
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!
  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.