දිනසේන රතුගමගේ –
ඉන්දියාව තමිල්නාඩුවේ ධීවරයින්ට පනවා තිබූ මාස දෙකක ධීවර තහනම අද ( 15 ) අවසන් වීමත් සමගම ඉන්දීය ටෝලර් යාත්‍රා 4000 ක් පමණ උතුරු මුහුද හා අනෙක් මුහුදු සීමාවන් වෙත පිටව ගොස් තිබේ.
ඉන්දියාව සෑම වසරකදීම අප්‍රේල් මාසයේ 15 වෙනිදා සිට ජූනි මස 15 වෙනිදා දක්වා ධීවර තහනමක් පනවන අතර එය සිදු කරනු ලබන්නේ මුහුදේ ස්වභාවිකව මත්ස්‍ය සම්පත වර්ධනය විම සදහා ඉඩ ලබා දිම පිණිසය.
තහනම ඉවත් වීමත් සමගම ඉන්දීය ධීවරයින්ගේ ටෝලර් යාත්‍රා උතුරු මුහුදට පැමිණිය හැකි බැවින් නාවික හමුදාව ඒ පිළිබඳව අවධානයෙන් සිට ඔවුන්ගේ බලහත්කාර ආගමනය නවතා දෙන ලෙස යාපනය එක්සත් ධීවර සංගමය නාවික හමුදාවෙන් ඉල්ලීමක් කොට තිබේ.
මේ අතර යාපනයේ ධීවර සංගමය ඉන්දියාවේ රාමේස්වරන් ධීවර සංගමය වෙතද ලිපියක් යවමින් ඉල්ලා ඇත්තේ සිය ගණනින් වූ ටෝලර් යාත්‍රා උතුරු මුහුදට පැමිණ උතුරේ ධීවරයින්ගේ ධීවර කර්මාන්තයට බලපෑම් ඇති නොකරණ ලෙසයි.