දිනසේන රතුගමගේ –
උතුරු වන ජීවී කලාපය තුළ මියගිය හත්වන වන අලියාගේ මළ සිරුර 6 දා සවස වවුනියාව කනගරායන්කුලම කුලවිසුට්ටාන් ප්‍රදේශයේ කුඹුරු යායක් අසලින් හමු වී තිබේ.
මේ වන අලින් හත් දෙනාම මියගොස් ඇත්තේ පසුගිය මාස හයක කාලය ඇතුළත දී වන අතර ඉන් මුලතිව් මුල්ලියාවලෙයි ප්‍රදේශයේදී මියගිය දළ ඇතා පමණක් වෙඩි තබා මරා දමා තිබුණි.
අනෙක් වන අලි හය දෙනාම උතුරු ප්‍රදේශයේ ගොවීන් විසින් සිය වගාවන් ආරක්ෂා කිරීම සඳහා යොදන ලද විදුලි සැර වැදී මිය ගොස් තිබේ.
ගොවීන් පවසන්නේ උතුරු පළාතේ වන අලි ඈත කැළෑවලට පලවා හැරීමට වන ජීවී නිලධාරීන් පියවර නොගන්නා අතරවාරයේ දකුණු ප්‍රදේශයෙන් අල්ලා ගන්නා වන අලි රාත්‍රී කාලයට මුලතිව් කිළිනොච්චි හා මන්නාරම කැළෑවලට රැගෙන විත් මුදා හැරීම නිසා පළාතේ වන අලි සංඛ්‍යාව බෙහෙවින් ඉහල ගොස් ඇති බවයි.







