මාවනැල්ල ප්‍රදේශයේ අවමංගල උත්සවයකට සහභාගීවී සිටි පිරිසකට අද (26) සවස අකුණු සැර වැදීමෙන් කුඩා දරුවන් ඇතුළු පුද්ගලයින් 25 දෙනකුට ආසන්න පිරිසක් රෝහල් ගත කර ඇතැයි පොලිසිය පවසයි.
එම අනතුර සිදුව ඇත්තේ මාවනැල්ල බැමිණිවත්ත සුසාන භූමියේදීය.
මාවනැල්ල පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලසන්ත කළුආරච්චි පැවසුවේ, එලෙස අකුණු සැර වැදීමෙන් 25 දෙනෙකුට ආසන්න පිරිසක් මාවනැල්ල රෝහලට ඇතුළත් කර ඇති බවය