ශ්‍රියානි විජේසිංහ –
මාරාන්තික උපත් ආබාධ සහිත කළල ඉවත් කිරිම සඳහා වසර 20ක පමණ කාලයක සිට කටයුතු කළද තවමත් එම නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇති බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න සඳහන් කළේය.
මෙ වන විට ඉන්දියාවේ පවා මෙම නීතිය ක්‍රියාත්මක කරන අතර මෙරට තුළ මෙම නීතිය ක්‍රියාත්මක කරවා ගැනීමට වත්මන් ආණ්ඩුව සමඟ සාකච්ඡා අරඹන බව ද විශේෂඥවරයා කීය.
මෙය ගබ්සාවක් නොව ගර්භනීභාවය නිමා කිරිමක් ලෙස හදුන්වා දිය යුතු යැයි හෙතෙම පැවසුවේය.
කුස තුළ අනවශ්‍ය කළලයක් තබා ගෙන සිටීම හා ඉපදීමෙන් පසුත් ඒ වෙනුවෙන් විශාල වියදම් දැරීමට සිදු වීමත් අවසානයේදී දරුවා මිය යාමත් රටට ශෝචනිය තත්ත්වයක් යැයිද වෛද්‍ය ජයරත්න පවසා සිටියි.







