ශ්‍රියානි විජේසිංහ –
මාර්ග අනතුරු හේතුවෙන් දිනකට පුද්ගලයින් 8 – 9 දෙනෙකු මිය යන අතර පැයකට පුද්ගලයින් 25 දෙනෙකු පමණ රජයේ රෝහලකින් ප්‍රතිකාර ලබා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යංශයේ හදිසි අනතුරු වැලැක්වීමේ ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග සඳහන් කරයි.
වසරකට ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් හදිසි අනතුරු හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර මෙය දිනකට 500 – 600 අතර සංඛ්‍යාවක් බව විශේෂඥවරයා පෙන්වාදේ.
නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගෙන් සියයට 18 නැතහොත් 1/5ක පිරිසක් මාර්ග අතුරු හේතුවෙන් තුවාල ලැබූවන් ලෙසවාර්තා වී ඇතැයිද හෙතෙම පැවසීය.
මාර්ග අනතුරු හේතුවෙන් මිය යන පුද්ගලයින්ගෙන් සියයට 85ක්ම පිරිමි පුද්ගලයින් වන අතර සියයට 15ක් කාන්තාවන් බව වෛද්‍ය සිරිතුංග සඳහන් කරයි.