මහනුවර ප්‍රකට කෝටිපති ව්‍යාපාරිකයෙක් අද සිය සේවා ස්ථානය තුළ දී තමන්ගේ පුද්ගලික ගිනි අවියෙන් වෙඩි තබාගෙන සිය දිවි නසාගෙන තිබේ.
මෙසේ මිය ගොස් ඇත්තේ දිගන මංගල හෙවත් දොන් රජීව මංගල ගුණවර්ධන නැමැති අංක 7/02, පන්සල පාර, කෙන්ගල්ල, පල්ලෙකැලේ ලිපිනය පදිංචිව සිටි කෝටිපති ව්‍යාපාරිකයාය.
ඔහු විසින් දිගන නගරයේ පිහිටි “හයිලන්ඩ් එජන්සිය“ නැමැති තෙමහල් ගොඩනැගිල්ලේ ඉහළ මහලේ පිහිටි සිය කාර්යාලය තුළ දවල් 1200 ට පමණ සිය රිවොලර් අවියකින් වෙඩි තබාගෙන මෙසේ සිය දිවි හානි කරගෙන ඇත.
තෙල්දෙණිය ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථාන ගණනාවක් ඇති ප්‍රබල පෙළේ ව්‍යාපාරිකයෙකු වන දිගන මංගල රථ වාහන විකිණීමේ මධ්‍යස්ථාන හා උකස් මධ්‍යස්ථාන සහ මහා පරිමාණයෙන් මුදල් පොලියට ලබා දීමේ ව්‍යාපාර වැනි වෙළඳ ව්‍යාපාර රාශියක හිමිකරුවකි.
එම වෙළෙඳ ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා තෙල්දෙනිය පොලිස් වසමේ කාර්යාල කීපයක් ඔහු විසින් නඩත්තු කර පවත්වාගෙන ගොස් තිබිණි.
වෙඩි තබා ගැනීමෙන් පසු බරපතළ තුවාල ලැබූ දිගන මංගල මහනුවර ජාතික රෝහල වෙත ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත. වැඩිදුර විමර්ශන කටයුතු පල්ලෙකැක්ලේ පොලීසිය මගින් සිදුකරනු ලබයි.