අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මානව හිමිකම් මහකොමසාරිස්වරිය ශ්‍රී ලංකාව ගැන අමතයි- වැඩ ගැන දිගටම ඇහැගහගෙන ඉන්නා බවත් කියයි

by Lanka Sara Editor
සැප්තැම්බර් 13, 2021
in පුවත්
U.N. High Commissioner for Human Rights Chilean Michelle Bachelet speaks during the opening of the 41th session of the Human Rights Council, at the European headquarters of the United Nations in Geneva, Switzerland, Monday, June 24, 2019 (Magali Girardin/Keystone via AP)

U.N. High Commissioner for Human Rights Chilean Michelle Bachelet speaks during the opening of the 41th session of the Human Rights Council, at the European headquarters of the United Nations in Geneva, Switzerland, Monday, June 24, 2019 (Magali Girardin/Keystone via AP)

Share on FacebookShare on Twitter
  • ශ්‍රි ලංකාව එවූ වාර්තාව පිළිගන්නවා
  • ජනපති ගෝඨාභය ජාතියට කියන දේ කරාවි යයි බලාපොරොත්තු වෙනවා
  • ආහාර පාලනයට දැමූ හදිසි නීතිය වෙන දේවල්ට පාවිච්චි කරනවාදැයි අවධානයෙන්
  • මිලිටරිකරණය සහ වගකීමක් නැතිනම නිසා ප්‍රශ්න ඇතිවෙලා
  • දුමින්ද සිල්වා නිදහස් කිරීමෙන් නීතිය සහ අධිකරණය ගැන විශ්වාසය බිඳ වැටුණා

ආහාර සුරක්‍ෂිතතාවය සහ මිල පාලනය සහතික කිරීමේ අරමුණින් පසුගියදා ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන ලද හදිසි නීති රෙගුලාසි ඉතා පුළුල් බවත් ඉදිරියේදී එයින් සිදු කරන කාර්යභාරය සහ සිවිල් කාර්යයන්හි හමුදා භූමිකාව පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය නිබඳ අවධානයෙන් සිටින බවත් එම කාර්යාලයේ මානව හිමිතකම් මහ කොමසාරිස් මිචෙල් බැචලේ අද ප්‍රකාශ කළාය.

ස්විට්සර්ලන්තයේ ජිනීවා හිදී පැවැත්වෙන 48 වැනි මානව හිමිකම් සැසිවාරයේ ආරම්භක දිනය වන අද, ඇය ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් සිය මුඛ්‍ය දේශනය පවත්වමින් සඳහන් කළේ ශ්‍රි ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් අංශ ගණනාවක් කෙරෙහි අවධානය යොමු කර ඇති බවය.

වර්තමාන ශ්‍රී ලංකාව මුහුණ දෙන සමාජ, ආර්ථික හා පාලන අභියෝගයන් පෙන්නුම් කරන්නේ මිලිටරීකරණය සහ වගවීම නොමැතිකම හේතුවෙන් රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම්, සිවිල් අවකාශය, ප්‍රජාතන්ත්‍රවාදී ආයතන, සමාජ සමගිය සහ තිරසාර සංවර්ධනය ඛාදනය වෙමින් පවතින බව යයිද මානව හිමිකම් මහකොමසාරිස්වරිය සඳහන් කළාය.

කෙසේ වුවද ශ්‍රි ලංකාව තම ප්‍රගතිය සඳහන් කරමින් මානව හිමිකම් කොමසාරිස්වරිය වෙත එවන ලද වර්තාව පිළිගන්නා බවත් ශ්‍රි ලංකාව ඉදිරියේදී මෙරට ජනතාවගේ මානව හිමිකම් වෙනුවෙන් සිදු කිරීමට යන වැඩ පිළිවෙළ සම්බන්ධයෙන් මෙන්ම ශ්‍රි ලංකාවේ ජනාධිපතිවරයා පසුගියදා ජාතිය අමතමින් එක්සත් ජාතීන් සමග වගවීම තහවුරු කිරීම පිණිස කටයුතු කිරීමට ඇති කැමැත්ත ප්‍රකාශ කිරීම ප්‍රායෝගිකවම ක්‍රියාත්මක කරනු දැකීම තම අපේක්ෂාව බවද සඳහන් කළාය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෑතකදී සිවිල් සමාජ නායකයින් සමඟ පැවැත්වූ හමුවීම් ගැන සඳහන් කරමින්, කනගාටුවට කරුණක් නම්, මානව හිමිකම් ආරක්ෂකයින්, මාධ්‍යවේදීන් සහ අතුරුදහන් වූවන්ගේ පවුල් වෙත සිදු කරන බිය ගැන්වීම සහ අධිකරණමය හිරිහැර කිරීම අඛණ්ඩව සිදු වූවා පමණක් නොව තවත් ඔබ්බට ගොස් රජය විවේචනය කරන ශිෂ්‍යයින්, විද්වතුන්, වෛද්‍යවරුන් වෙත පුළුල් කර ඇති බවද පැවසුවාය.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

“සාමකාමී විරෝධතා හා සැමරුම් කිහිපයකට අධික ලෙස බලය යෙදවීම සහ නිරෝධායන මධ්‍යස්ථාන තුළ පෙලපාලිකරුවන් අත්අඩංගුවට ගැනීම හෝ රඳවා තබා ගැනීම සිදු වී තිබෙනවා. සිවිල් සමාජ කණ්ඩායම් පිළිබඳ නව රෙගුලාසි සම්පාදනය කෙරෙමින් පවතිනවා. ඔවුන් ගේ මූලික නිදහස සඳහා ඇති සීමා තවදුරටත් දැඩි කරනු ඇතැයි යන බියක් පවතිනවා.

සංකේතාත්මක මානව හිමිකම් නඩු ගණනාවක අධිකරණ ක්‍රියාවලීන්ගේ වර්ධනයන් ගැන මම සැලකිලිමත් වනවා.. 2008 සහ 2009 වසර වලදී 11 දෙනෙකු බලහත්කාරයෙන් අතුරුදන් කිරීමේ සිද්ධියේදී හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව නඩු පැවරීමට නීතිපතිවරයා ගත් තීරණය ද ඊට ඇතුළත් .

2019 වසරේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත් වූවන් පිළිබඳව මහ කොමසාරිස්වරයා සඳහන් කළ අතර ආගමික නායකයින් සත්‍යය සහ යුක්තිය සඳහා හදිසි ඇමතුම් අඛණ්ඩව ලබා දෙන අතර එම ප්‍රහාරයන්ට ඉඩ දුන් තත්වයන් පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් ද සඳහන් කළාය..

එසේම 2011 දී දේශපාලනඥයෙකු ඝාතනය කිරීමේ වරදට වරදකරු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපතිවරයා මෑතකදී සමාව දීම ගැන සඳහන් කළ ඇය නීතියේ ආධිපත්‍යය සහ අධිකරණ ක්‍රියාවලිය කෙරෙහි විශ්වාසය බිඳ දැමීමේ අවදානමක් ද මතු කළාය.

“පොලිස් අත්අඩංගුවේදී තවදුරටත් මිය යාම සහ මත්ද්‍රව්‍ය අපරාධ කල්ලි සමඟ සිදු වූ පොලිස් ගැටුම් මෙන්ම නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් විසින් වධහිංසා පැමිණවීම සහ අයුතු ලෙස සැලකීම පිළිබඳ අඛණ්ඩ වාර්තා පළවනවා. මේ පිළිබඳව මම දැඩි කනස්සල්ලට පත්ව සිටිනවා” ඇය පැවසුවාය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (පීටීඒ) භාවිතය අත්හිටුවන ලෙස ඇය ඉල්ලා සිටි ඇය මෙම පනත නැවත සලකා බැලීමේ අරමුණ රජය විසින් තහවුරු කර ඇති අතර ඒ සඳහා කැබිනට් අනු කමිටුවක් ද ස්ථාපිත කර ඇත. කෙසේ වෙතත්, මිනිසුන් අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම සඳහා මෙම පනත අඛණ්ඩව භාවිතා කිරීම ගැන මම දැඩි කනස්සල්ලට පත්ව සිටි බවද ” මානව හිමිකම් මහ කොමසාරිස් මිචෙල් බැචලේ සිය ශ්‍රි ලංකාව පිළිබඳ දේශනවේදි තවදුරටත් ප්‍රකාශ කළාය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මන්නාරම ප්‍රාදේශීය සභා සභාපති හෙට සිට තනතුරින් පහ කරයි… මන්ත්‍රීකමත් අහෝසියි…

Next Post

අද කොවිඩ් මරණ 135යි…

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.