දිනසේන රතුගමගේ –
බලය අනිසි ලෙස භාවිත කළ බවට චෝදනා ඔප්පු වීමෙන් පසුව මන්නාරම ප්‍රාදේශීය සභාවේ සභාපති සාහුල් හමීඩ් මොහොමඩ් මුජාහීර්ව උතුරු පළාත් ආණ්ඩුකාරවරිය විසින් හෙට ( 14 ) සිට සභාපති ධූරයෙන් ඉවත් කොට තිබේ.
උතුරු පළාත් ආණ්ඩුකාරිනී පී.එම්.එස්.චාර්ල්ස් සිය ලිපිය මගින් දැණුම් දී ඇත්තේ මන්නාරම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාව ප්‍රාදේශීය සභාවේ සාමාජිකත්වයෙන් ද පහකර ඇති බවය.
සභාපතිවරයාට එරෙහිව ආණ්ඩුකාරවරිය වෙත ලැබුණු පැමිණිලි රැසක් විභාග කිරීමෙන් අනතුරුව ආණ්ඩුකාරවරිය මේ තීරණය ගෙන ඒ බව ගැසට් නිවේදනයක් මගින් දැණුම් දී තිබේ.