සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මාධ්‍ය සංදර්ශන එපා… ඉල්ලා අස්වෙනවා නම් අස්වෙන්න සිද්ධි  ඕන තරම්… GMOA සෞඛ්‍ය ඇමතිට කියයි!

දූෂණ හොයලා තොරතුරුත් එක්ක අදාල තැන්වලට වාර්තා කරලා අපට දැන් ඇති වෙලා - GMOA

by editor
ජූලි 3, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ                                      

සමස්ත සෞඛ්‍ය පද්ධතිය තුළම සිදුවන වංචා දූෂණ හා අක්‍රමිකතාවන් පිලිබඳව ජනාධිපති කොම්ෂන් සභාවට, අල්ලස් හෝ දූෂණ විමර්ශන ඒකකයට පැමිණිලි කර වරදකරුවන් හඳුනාගෙන ඇතත් මේ වන තෙක්ම ඔවුන් ඒ තනතුරුවලම රැඳී සිටිමින් කටයුතු කිරිම තුළ සෞඛ්‍ය ඇමතිවරයාවරයා තවදුරටත් මාධ්‍ය සංදර්ශන දමමින් රැවටිමට උත්සාහ කරන්නේ කවුරුන්ද යන්න ගැටලුවක් යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

 රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මේ බව පවසන්නේ ඖෂධ කළමනාකරණයේ දී තමන් අතින් එකම එක වංචාවක් හෝ සිදුවී ඇතිි බව ඔප්පු කළහොත් තමන් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බවට සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඊයේ (02) පැවති මාධ්‍ය සාකච්ඡාවක දි කළ ප්‍රකාශයේ අනතුරුවය.

ඖෂධ ගෙන්වීඹ ඇතුළුව  සෞඛ්‍ය පද්ධතිය තුළ සිදුවන  අක්‍රමිකතාවන් සෙවීම හා ඒවා  අදාල අංශවලට පැමිණිලි කිරීම හරහා සිදුව ඇත්තේ තම සංගමයේ සාමාජිකයින්ගේ ශ්‍රමය හා කාලය විනාශ වීම පමණක් යැයි ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ  සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ  වැඩිදුරටත් සඳහන් කළේය.

විෂය භාර ඇමතිවරයාට ඉල්ලා අස්වීමට අවශ්‍ය නම් එය කළ යුතුව තිබුනේ  රෝහල්වල උග්‍ර ඖෂධ හිගයක් පවතින කාලයේදී රෝගීන් ඖෂධ නොමැතිව මිය ගිය අවස්ථාවන්වලදී යැයිද හෙතෙම කීවේය.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය  සම්පූර්ණයෙන්ම   පැටලුණු නූල් බෝලයක් බැවින් මෙය නිරවුල් කර ගැනීමට යෝජනා මාලාවක් ඉදිරිපත් කළ බවද වෛද්‍ය විජේසිංහ  පැවසුවේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

කෙසේ නමුත් ප්‍රසම්පාදනයේ ගැටලුව GMOA පමණක් සඳහන් කරන දෙයක්  නොවන බවත්  පසුගිය මැයි මාසේ එළිදැක්වූ විගණකාධිපති වාර්තාවේ පවා මෙම ක්‍රියාවලියේ අකාර්යක්ෂමතාව ගැන පැහැදිලි කර තිබෙන බවත් ඔහු  කීවේය.

 ඉල්ලා අස්වීමේ තීරණය ගන්නවා නම් ඇමතිවරයාට ඕනෑ තරම් අවස්ථා තිබෙන බවත් සමහර ඖෂධ සමාගම් හෝ පුද්ගලයන් සම්බන්ධව  විගණකාධිපති වාර්තාවේ තිබෙන නිර්දේශයන්  ක්‍රියාත්මක කර අලාභ සිදුකළ තැනැත්තන්ගෙන්  නැවත මුදල්  අයකර  ගැනීමේ  නිසි ක්‍රමවේදයක් ‌මේ වන තෙක් ක්‍රියාත්මක කර නොමැති බවත්  වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.

. 

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පෙරළුන බෝට්ටුව අසල පීනමින් පුරා පැය පහක් මහ සයුර සමග පොරබදා දිවි ගලවා ගත් ධීර මිනිසුන් සොයා ගියෙමු!

Next Post

වෙසක් සහ පොසොන් පුන් පොහෝ දිනවල ගෙවල්බිදුම් කළ පොතුවිල කළුවා අත්අඩංගුවට!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.