රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ නිරෝධායන නීතිය උල්ලංගනය කරමින් පැවැති උපන්දින සාදයට සහභාගී වූ බවට අද (04) පෙරවරුවේ අත්අඩංගුවට ගත් මාධවී ඇන්තනි ඇතුළු පුද්ගලයින් 6 දෙනාට අධිකරණය මගින් ඇප නියම කර තිබේ.
අදාළ පුද්ගලයින් සම්බන්ධයෙන් නිරෝධායනයට පස්සර නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර ඇත.
ඔවුන් එහිදී දින 14ක නිරෝධායන කාලයක් ගත කිරීමට නියමිතය.
මෙහිදී අත්අඩංගුවට ගැනුණු චන්දිමාල්ගේ මව නිවෙස් නිරෝධායනය සඳහා යොමුකර ඇත.
පසුගිය 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ කොළඹ තරු පහේ හෝටලයක දී නිරෝධායන රීතින් උල්ලංඝනය කරමින් එම උපන්දින සාදය පවත්වා තිබු අතර එය සංවිධානය කළ බවට චෝදනා එල්ල වූ මෝස්තර නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි ද මීට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයෙන් ඇප නියම වී නිරෝධායනයට යොමු කර තිබුණි.