බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

වෙසක් එකට නැවක් පත්තුකර වැල්ලේ සුන් බුන් එකතු කළ නැවු කප්පිත්තෝ….

එක්ස්ප්‍රස් පර්ල් ගැන කවුරුත් නොකී කතාව

by editor
ජූනි 4, 2021
in සමාජ
x-press-perl
Share on FacebookShare on Twitter

ජාත්‍යන්තර සාමුද්‍රීය සංචරණ එකිනෙකෙන් නොගැලවෙන සේ බැඳුණු වගකීම් සහගත ක්‍රියා දාමයකි. ලෝකයෙ එවැනි සංචරණයන් සිදුවන්නේ නිශ්චිත ප්‍රමිතිගත අනුමිතීන්ට අනුකූලවය. නාවික ගමනාගමනයේ දී වරාය සහ නෞකා සහිත සමස්ථයේ ආරක්ෂාව අන්තර්ජාතිකව සම්මත තත්වයන් යටතේ සහතික කරන්නේය. මේ සම්මත ඉදිරිපත් වන්නේ ISPS (International Ship and Port Facility Security Code) හෙවත් ජාත්‍යන්තර නැව් සහ වරාය පහසුකම් ආරක්ෂාව පිළිබඳ කේතයෙනි.

x-press-perl
Xpress_pearl_ නෞකාව කොළඹ වරාය ප්‍රවේශයට පැමිණෙ විට….

ජාත්‍යන්තර නැව් සහ වරාය පහසුකම් ආරක්ෂාව

ජාත්‍යන්තර නාවික ගමනාගමනයේ දී ISPS තත්වයන් (ජාත්‍යන්තර නැව් සහ වරාය පහසුකම් ආරක්ෂාව සම්බන්ධ තත්තවයන්) සහතික කිරීම සඳහා ඊට වගකියනු ලබනා නිලධාරියෙක් සෑම අන්තර්ජාතික නෞකාවකම හිඳී.

එමෙන්ම එම අන්තර්ජාතික ප්‍රමිතිය සඳහා වගකියනු ලබන නම්කරන ලද අධිකාරියක් සෑම අන්තර්ජාතික වරායකම ඇත. ලංකාවේ ඇති කොළඹ, ගාල්ල, හම්බන්තොට, ත්‍රී කුණාමලය හා කන්කසන්තුරය යන ප්‍රධාන අන්තර්ජාතික වරාය පහේම මෙම ජාත්‍යාන්තර ආරක්ෂණ ප්‍රමිතිය කළමනාකරණයට වගකියන අධිකාරී බලය පැවරී ඇත්තේ නාවික හමුදාවටය. ඒ බලය හසුරුවන පුද්ගලයා නාවික හමුදාපතිය. නාවික හමුදාපති හරහා එම වගකීම වරාය පිහිටා ඇති පළාත භාර නාවික හමුදා අණ දෙන නිලධාරියාවෙත පැවරෙන්නේය.

නැවක් රටකට පැමිණෙන විට එම නැව සහ නැවේ අන්තර්ගතය සඳහා වගකියන දේශීය ඒජන්තරවරයෙක් සිටිය යුතුය. එම ඒජන්තවරයා හරහා කෙරෙන අධීක්ෂණයකින් අනතුරුව වරාය පිහිටි කලාපය භාර නාවික හමුදා ප්‍රධානියා ISPS ජාත්‍යාන්තර අනුමිතීන් සහතික කරන්නේය. නැවක් වරාය ප්‍රවේශයට සුදුසුකම් ලබන්නේ ඉන් අනතුරුවය.
ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය කාර්ය මණ්ඩලයක් නඩත්තු කරයි. එම නාවික බලධාරියාට විශේෂ දීමනාවක් ලබා දෙයි. එමෙන්ම මෙම ජාත්‍යාන්ත ආරක්ෂණ විධි විධාන රටකට පවත්වා ගතහැකිද යන්න වසරකට සැරයක් ජාත්‍යාන්තරව අධීක්ෂණයකට ලක්වේ. එම අධීක්ෂණයේ දී රටේ වරාය පද්ධතියේ ආරක්ෂාව සහ වරායකට එළඹෙන නෞකා සඳහා ලබා දෙන ආරක්ෂාව වෙනුවෙන් වගකියනු ලබන්නේ නාවික හමුදාපති වරයාය.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

නැවක ගින්නක් හට ගත්තොත්…

නෞකා ගින්නක් වැනි හදිසි තත්වයන් සම්බන්ධව නිර්මාණය කළ පරිසරයක කෙරෙන ප්‍රායෝගික හා විද්‍යාත්මක නිරීක්ෂණ ඔස්සේ ISPS ප්‍රමිතියට අනුව කටයුතු කළ හැකි දැයි සෑම වසරකම අන්තර්ජාතිකව යාවත්කාලීන කළ යුතුය. සෑම මාස තුනකට වරක්ම වාරය පිහිටි කලාපය බාර අණදෙන නිලධාරීවරයා වරාය අධිකාරිය හා වරාය මෙහෙයුම් කටයුතු කරන ආයතනයන්හි ප්‍ර‍ධාන ආරක්ෂක යාන්ත්‍රණය ඔස්සේ මේ ප්‍රමිතිගත තත්වය පිළිබඳව සහතික කරගෙන එය නාවික හමුදාපතිවරයාට දැන්විය යුතුය. වරාය තුළ ක්‍රියාත්මක ආයතන සෑම මාසකට වරක්ම තමන්ගේ ආරක්ෂණ ක්‍රමවේද තහවුරු කරගෙන පවත්වා ගත යුතුය.

එකිනෙකට සම්බන්ධ යාන්ත්‍රණයක් ඔස්සේ මෙම අන්තර්ජාතික තත්වයන් යාවත්කාලීන කර පවත්වා ගැනීමේ ක්‍රමවේදය නිර්මාණය වන්නේ මුලින් කී ආකාරයට රටේ නාවික ක්ෂේත්‍රයේ සෑම ආයතනයක්ම එකිනෙක සමග වගකීමෙන් බද්ධ කර ජාත්‍යාන්තර ක්‍රියාවලියක ස්ථාපිත කිරීමෙනි.

මේ යාන්ත්‍රණය නිසි ලෙස පවත්වා ගන්නේ නම් හදිසි නාවුක ආපදා තත්වයක දී නෞකාවක ආරක්ෂාව තහවුරු කිරීම දෙකොණ පත්තු කරගත් පලහිලවුවක් වන්නේ නැත.

x-press-perl
නෞකාවේ ගින්න හටගත් මුල් අවස්ථාව

ලෝකයට වංගු ගැසීම

එහෙත් සිදුවී තිබුණේ කුමක් දැයි අප තේරුම් ගත යුතුය. මේ තරම් යාවත්කාලීන කළයුතු අන්තර්ජාතික විධි නියමන් පවතින බව ලෝකයට පෙනෙද්දී මාස අටක් තුළ දෙවැනි නැවත් අපේ රටේ නාවික කලාපය තුළ ගිනිගෙන විනාශ වුණේය.

අනෙක් කාරණා පසෙක තබා මේ හටගත් ගින්න ගැන බැලුවත් අප ජාත්‍යාන්තරයට පෙන්වා තිබූ තත්වයන් සැබෑ ලෙසම පූරණය කරගෙන තිබී නැත. එක්ස්ප්‍රස් පර්ල් නැවේ ගින්න ඇති වී මතුව පැතිරෙද්දී අප දවස් පහක් තිස්සේ ගෙවත්තේ ඇවිලෙන ගිනි ගොඩක් නිවන්නට හදන ස්වරූපයෙන් නැවට වතුර ගසමින් සිටියේය. රසායන ද්‍රව්‍ය සහිත ගින්නක් මැඩලීම සඳහා අවශ්‍ය රසායනයන් ඉලක්කකර යොමු කළ හැකි සේ සැකසුණු නෞකා අපට තිබුණේ නැත. ඉන්දියාවෙන් ආධාර ඉල්ලා සිටි විට දැන් ගින්න පාලනයෙන් තොර බව දැන්වූ නමුත් ඔවුහු පැය හතරක් ඇතුළත පැමිණ ගිනි නිවීමේ මෙහෙයුම ඇරඹූහ. දින දෙකකින් ගින්න නිවූහ.

x-press-perl
ගින්න නිවීමට පැමිණි ඉන්දියානු යාත්‍රා

විශේෂත්වය වන්නේ මේ ගිනි නිවීම සදහා පැමිණි නෞකා ඛාණ්ඩයට අයත් නෞකා හතරක් අප සතුව තිබීමය. එම නෞකා මිලදී ගෙන තිබුණේත් ඉන්දියාවෙන්මය. එමෙන්ම මේ කාර්යයේ යෙදවිය හැකි තවත් නෞකා දෙකක් චීනයෙන් හා ඇමරිකාවෙන් අපට ලැබී තිබිණි. එහෙත් ජාත්‍යාන්තර මුහුදේ අපනය කේන්ද්‍රස්ථානය කර සමෘද්ධිමත් කරන්න හදන රටක් තමන් සතුව තිබුණු මුහුදු ආරක්ෂක සේවය සඳහා යෙදවිය හැකි නෞකා 6න් එක් නෞකාවක්වත් එම සේවාව සඳහා උචිත ලෙස වැඩි දියුණු කර තිබුණේ නැත. මාස අටකට එපිට බටහිර මුහුදේ දීම “නිව් ඩයමන්ඩ්“ ගිනි ගත් විට සිදු වූ ව්‍යසනය අපට පාඩම් ඉගැන්වූයේ නැත. කිව යුත්තේ මේ වැඩි දියුණු කිරීම් රුපියල් බිලියන ගණනක ව්‍යාපෘති නොවන බවය. ඇමතිවරුන්ගේ වාහන හතරකට වැය කරන මිලට අඩුවෙන් මේ එක් නැවක් තාක්ෂණිකව වැඩි දියුණු කළ හැකි බවය.

අප යළිත් අපේ විලි ලජ්ජා සහතගත බොරුව හා බැරිකමේ නිරුවත පෙන්වා තිබිණි. ලෝකයට වංගු ගසන්නට ගොස් දැන් අපි රටක් ලෙස ලෝකය හමුවේ බරපතල ව්‍යසනයකට ලක් වී සිටිමු.

නොදැන ආවා ද?

දෙවන කාරණාව නෞකාවේ අන්තර්ගතය පිළිබඳ වූ සහතිකය ය. නැවක රැගෙන එන අන්තරායකර බහාලුම් සම්බන්ධව ක්‍රියාත්මකවන විශේෂ විධි නියමන් තිබේ. බහාලුම්වල අන්තර්ගතකර ඇති විකිරණශීලී ද්‍රව්‍ය, රසායනික ද්‍රව්‍ය, බැක්ටීරියා හෝ වෛරස අඩංගුවිය හැකි ජෛවීය ද්‍රව්‍ය, ඉන්ධන, ගෑස් අන්තරායකර ද්‍රව්‍ය සේ සලකා ඒ බහාලුම් සහිත නෞකා සම්බන්ධව වැඩි අවධානයකින් යුතුව ISPS නියාමනයන් සිදුකරයි.

නැවක් අඩුම වශයෙන් කොළඹ වරායට පැමිණීමට පැය 24කට පෙර එහි අන්තර්ගතය සම්බන්ධව පූර්ණ විස්තරයක් නැව සම්බන්ධව වගකියන දේශීය ආයතනය මගින් ඉදිරිපත් විය යුතුය. නාවික හමුදාවේ බස්නාහිර විධානය භාර අණදෙන නිලධාරියා යටතේ ඇති ISPS ආරක්ෂක විධි නියාමනයන් ක්‍රියාත්මක වන්නේත්, වරාය තුළ නෞකාවේ මෙහෙයුම් හසුරුවන පර්යන්තය ඇතුළු හාබර් මාස්ටර් යටතේ ඇති මෙහෙයුම් සැලසුම් වී ක්‍රියාත්මක වන්නේත්, මෙහෙයුමේ ස්වරූපය තීරණය වන්නේත් ඉන් අනතුරුවය. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තිබූ බහාලුම් අන්තර්ගතය සැලකූ විට එය අයත් වන්නේ විශේෂ අවධානයට ලක්වන අන්තරායකර ද්‍රව්‍ය ප්‍රවාහන නෞකාවකටය.

එවන් නෞකාවක් වරාය ප්‍රවේශයට අයදුම් කිරීමේ දී පූර්ණ දත්ත ලබා දිය යුතුය. තමන්ගේ අවසන් ගමන්වාර 10ට සම්බන්ධ වරායන් හා මෙහෙයුම් සම්බන්ධ වර්තාවන් මෙන්ම ඉදිරියේ යන වරාය සම්බන්ධ තොරතුරු තිබිය යුතුය. එසේ නොමැතිව ජාත්‍යාන්තර වෙළෙඳ නියමන්ට අනුව ජාත්‍යන්තර වරායකට අතුළු වීම සඳහා අන්තරායකර බහාලුම් සහිත නෞකාවකට අවසර ලැබෙන්නේ නැත.

මේ තත්වය තුළ සිතා ගත නොහැකි තරමේ විකෘතියක් සිදු නොවී නම් මේ නෞකාවේ අන්තර්ගතය සම්බන්ධව පමණක් නොව, නැවේ භෞතික ස්වරූපය ගැන ද සියලු දත්ත වරාය සතුව තිබිය යුතුය. යථාර්ථයේ සරල සංක්ෂිප්තය නම් එක්ස්ප්‍රස් පර්ල් කොළඹ වරායට අතුළු කරගැනීමට සූදානම් වන්නේ එහි ඇති බිහිසුණු අන්තරාය දැනගෙන බවය.

හාබර් මාස්ටර් ෆේල්

වරායේ සියලුම මෙහෙයුම් කටයුතු භාරව සිටින නිලය හාබර් මාස්ටර්ය. අන්තරායක් කැඳවා ගත්තානම් එය කළමනාකරණයට අවශ්‍ය උපාය මාර්ග තිබිය යුතුය. නැව රටට එනවිටම එහි රසායන ද්‍රව්‍ය කාන්දුවක් තිබූ බව හාබර් මාස්ටර්ම පිළිගන්නේය. එසේ නම් එම නැවට ප්‍රමුඛ අවස්ථාව දී , එහි භාණ්ඩ තොග ප්‍රමුඛ අවශ්‍යතාවයක් සේ සලකා ඉවත් කර සිදුවී ඇති රාසයනික කාන්දුව පිළිසකර කිරීමේ තීන්දුව ඔහු විසින් ගත යුතුව තිබිණි. එසේ කළේ නැත.
අනතුරුව නැව මුල් වරට ගිනි ගත්තේය. ගින්න පාලනය කරගත හැකි විය. වරාය භාර ඇමතිවරයාත් මෙහෙයුම් මැදිරියට පැමිණ කතාවක් කළේය. මේ අවස්ථාවේ දී නැවේ රසායනික ද්‍රව්‍ය කාන්දුව පිළිසකර කිරීම හෝ එය කළ නොහැකි වී නම් නැව නැංගුරම් ලා තිබූ තැනින් නාවික සැතපුම් විසි පහකට පමණ ඈත ගැඹුරු මුහුදට යොමු කිරීම කළ යුතුව තිබිණි. ඒ තීන්දුව ගත්තේත් නැත.

ship-on-fire
නාවික හමුදාව ගිනි ගත් නැවේ ගින්න නිවන්නට වතුර ගසමින් සිටින අයුරු…

නාවික හමුදාපති කළේ කුමක් ද?

මෙවැනි අවස්ථාවක් කළමනාකරණය කළ යුතු ආකාරය ගැන නව දැණුම ලබා දීමට ජනතා මුදල් මිලියන ගණනින් වැය කර විදේශ පාඨමාලාවලට යවා බල ගැන්වූ නිලධාරීහු නාවික හමුදාවේ වෙති. දැන් විදේශ ලේකම් ධූරය දරන හිටපු නාවික හමුදාපතිවරයාත් මේ දැනුමින් සන්නද්ධය. ඔවුන් විමසුවා දැයි අපට දැනුමක් නැත. නාවික හමුදාපතිවරයා නැවේ රාසායන ද්‍රව්‍ය නිසා හටගත් ගින්න නිවන්නට යාත්‍රා යොදවා දවස් පහක් වතුර ගැසුවේය. ඉන්දියාවේ සහාය ඉල්ලා සිටින විට නැව ගිනිගෙන සැකිලි වී ගිලෙන්නට ආසන්නය. ඉන්දියාව ඒ බව කීවේය.

ගිනිගත් නැව අඟුරුවෙමින් තිබෙනවිටත් නාවික හමුදාපතිවරයා කීවේ නැව ගිලී යෑමේ අවදානමක් නැති බවය. ගින්න නිවී සැකිලි වූ නැව තල්ලු කරන්නටවත් නොහැකි සේ දෙදරා ගිලෙන්නට ඔන්න මෙන්න වූ විට දැන් නම් නැව ගිලෙන්නට පුලුවන් බව නාවික හමුදාපති නැවත කීවේය.

x-press-perl
වෙරළට ගොඩ ගැසූ සුන් බුන් ඉවත් කිරීම නිරීක්ෂණය කරන නාවික හමුදාපතිවරයා – නාවික හමුදා වෙබ් අඩවියෙනි

නොගිලී ඉන්නට පිදුරු ගස්වලත් එල්ලෙන්නට සැරසෙන රටක් මුහුදුබත් කරන්නට මේ වැනි නිලධාරියෙක් දෙන්නෙක් ප්‍රමාණවත්ය. එතුමා නැවේ සුන්බුන් නිසා අපවිත්‍ර වූ වෙරළ නාවික භටයන් යොදවා සුද්ද කරමින් සිටියදී ගත් ඡායා රූප පෙළක නොබෝ දා නාවික හමුදා වෙබ් අඩවියේ දුටුවෙමි. ඒ වනවිට ඉන්දියානු සමුද්‍රාරක්ෂක බලකායේ නැව් දෙක ගින්න නිවමින් සිටියේය.

අනාගතය කුමක් වේවි ද?

දැන් අප මුහුණ දෙන්නට නියමිත තත්වය පිළිබඳ සමාලෝචනයක් නැත. පරිසරයට සිදුවූ හානිය මුදලින් තක්සේරු කළ හැකි නොවේ. එහෙත් උත්කර්ෂවත් සමුද්‍ර මාර්ගයක් ආසන්නයේ පිහිටා ඇතැයි කියා නාවුක ගමනාගමනයේ කේන්ද්‍රස්ථානය කරන්නට යන කොළඹ වරාය වැඩ බැරි ටාසන්ලා ටිකක් මෙතෙක් තමන් කළ බොරුව හෙළි කරමින් ලෝකය ඉදිරියේ කුජීත කළේය.

ජාත්‍යාන්තරව අපේක්ෂා කරන සුදුසුකම් සපුරා නැති, එහෙත් සපුරා ඇති බව පෙන්වා වංගු ගැසූ කොළඹ මින් ඉදිරියට ආරක්ෂිත වරායක් සේ වෙළෙඳ ලෝකය තුළ තහවුරු කර ගැනීම එතරම් පහසු වන්නේ නැත. එවැනි අනාරක්ෂිත වරායක් වෙත පිවිසෙන නෞකාවක් වෙත පැටවෙන ඉහළ රක්ෂණ භාරයක් වේ නම් එය අවසානයේ ගෙවන්නේ මේ රටය.
මේ හෙළිදරවු වුණු එක් සිදුවීමක් පමණි. ජනාධිපතිවරයා රට සෞභාග්‍යයේ දැක්ම වෙත රැගෙන යන්නට හදන්නේ මෙවැනි දුගී හාල්පාරුවන් පිරිසක් වටේ තබාගෙනය.

x-press-perl
ගිනිගෙන සැකිලි වී ගිලාසිමින් ඇති නැව

එක්ස්පස් පර්ල් සංක්ෂිප්තය වැදගත්ය. අනවශ්‍ය අන්තරායන් ගෙන්වා ගත්තේය. ගෙන්වා ගත් අන්තරාය කළමනාකරණය කරගත හැකි නිවැරදි තීන්දු නොගෙන සිටියේය. අපි වෙසක් එකට නැවක් පත්තු කළෙමු. නාවික හමුදාපතිවරයා ගිනි ගන්නා කෙමිකල් නැවට දවස් පහක් වතුර ගැහුවේය. ඉන්දියාවෙන් ඇවිත් ගින්න නිවන විට ඉතිරි වී තිබුණේ සැකිල්ලය. අන්තරායෙන් ගැලවෙන්නට කියා තල්ලු කරන්න හැදුවේ දෙදරා වෙන් වූ නැවේ සැකිල්ලේ කැබලිය. අපේ ඇස් ඉදිරිපිට තිබූ තැනටම නුදුරින් නැව ගිලෙමිනි.

එක්ස්පර්ස් පර්ල් දවස් ගණනක් තිස්සේ “ඩිමොස්ට්‍රේෂන් එකක්“ හරහා පෙන්නා දුන්නේ අපේ රටට වෙමින් ඇති දේ මය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මාධවී ඇන්තනි ඇතුළු පිරිසට ඇප – නිරෝධායනය සදහා පස්සරට

Next Post

මඩෙහි එරුණ ඩෝසර් රජ ගොඩ ගනිත – තුමුල බෙලැති රණවිරුවන් මිස අන් කෙවත

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.