ලලිත් චාමින්ද
මාගාල්ල අයි. ඕ.සි. ඉන්ධන පිරවුමහලේ පොලිමේ තිබු වැගන්ආර් කාර්රථයකට ඉදිරියෙන් තවත් කාර්රථයක් ඇතුළු කිරීම සම්බන්දයෙන් දෙපිරිසක් අතර අද (08) අළුයම 1.00ට පමණ ඇතිවු ගැටුමක් දුරදිගගොස් කඩු කිණිසි හා තියුණු ආයුධ වලින් පහරදි එක් අයෙකු මරා දමා ඇත. තවත් තිදෙනෙකු තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇති බැව් ගාල්ල වරාය පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ අක්මිමන උඩුමුල්ලවත්ත, යටගල වංචාවල ප්‍රදේශයේ පදිංචි ඩි.ඩබ්ලිව් අචිර සාලින්ද (25) නැමති කොතලාවල ආරක්ෂක පිඨයේ ඉංජිනේරු අංශයේ ඉගෙනුම ලැබු ශිෂ්‍යයෙකි.
මියගිය තරුණයාගේ සහෝදරයකු වන ඩි.ඩබ්ලිව් උදයකාන්ත, වැගන් ආර් කාර්රථයේ හිමිකරුවන චාමර හසිත පරණවිතාන සහ පහරදිම සිදුකළ පාර්ශවයේ අයෙකු තුවාල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රථිකාර ලබමින් ඇත. ඔවුන්ගේ තත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
මියගිය තරණයාගේ මිතුරකු වන වැගන්ආර් කාර් රථයේ හිමිකරු මාගාල්ල අයි. ඕ.සි ඉන්ධන පිරවුම්හලේ දින හතරක පමණ කාලයක සිට කාර් රථය නතරකරගෙන ඉන්ධන ලබාගැනිම සඳහා පොලිමේ සිට ඇත.
මියගිය තරුණයා තම සහෝදරය සහ ඔහුගේ බිරිය සමග ඉන්ධන පෝලිමේ සිටි මිතුරා හමුවී තේ පානය කිරිම සඳහා දෙවට ප්‍රදේශයේ ආපනශාලාවකට ගොස් ඇත. මොවුන් තේ පානය කොට ඉන්ධන පොලිමට විත් බලනවිට වැගන්ආර් කාර් රථයට ඉදිරියෙන් තිබු හිඩසතුළ කාර් රථයක් නතරකොට තිබි ඇත.
මේ පිළිබද මොවුන් විමසා ඇති අතර එහිදි ගැටුමක් ඇතිවි තිබේ. පෝලිමට පිටින් කාර් රථය නතර කළ පුද්ගලයා ඔහුගේ මිතුරකුගේ නිවස අසල කාර්රථය නවතා තිබු අතර මිතුරාද මෙම ගැටුමට මැදිහත් වි ඇත.
මොවුන් මුලින්ම මියගිය තරුණයාගේ සහෝදරයාට පහරදි ඇත. ඔහුගේ වාහනයටද පහරදි අලාභහානි සිදුකොට තිබේ. පසුව මියගිය තරුණයා ද ගැටුමට මැදිහත් වි තිබේ. පසුව ඔහු කඩු කිණිසි වලින් පහරදී ඝාතනය කොට ඇති බැව් ගාල්ල වරාය පොලිසිය පවසයි.
මොහු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් ඇත. මියගිය තරුණයාගේ මව හා පියා ජීවතුන් අතර. පියා යුදහමුදා නිලධාරියකු වන අතර ඔහු ජයසිකුරු මෙහෙයුමේ දි මියගොස් ඇත. මව ගුරුවරියක් වන අතර 2015 වර්ෂයේ දි ඇය ගාල්ලේ දි වු රිය අනතුරක දි මියගොස් ඇත.
මිය ගිය තරුණයාගේ පශ්චාත් මරණ පරික්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි පැවැත්විමට නියමිතව තිබේ.
මෙම ඝාතනයට සම්බන්ද ප්‍රධාන සැකකරු ඇතුළු තවත් සැකකරුවන් කිහිපදෙනෙකු ඝාතනය කිරිම සඳහා යොදාගනු ලැබු කඩුකිණිසි සමග අත්අඩංගුවට ගෙන ඇති බැව් ගාල්ල වරාය පොලිසිය පවසයි.
ගාල්ල වරාය පොලිසියේ ස්ථානාධිපති දුමින් කුමාර මහතා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.