අධික වැසි සහිත තත්ත්වයක් තිබියදීත් ඇති වූ ගින්නකින් රාගල පොලිස් වසමේ රාගල වත්ත මැද කොටසේ වතු නිවාස පේලියක නිවාස 20 කට හානි සිදුව තිබේ.
අද (05) දහවල් සිදුවූ මෙම ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
එම නිවාසවල ජීවත් වූ පවුල් සාමාජිකයින් 78 දෙනෙකු අවතැන්ව සිටින බව පොලීසයි පවසයි.
අවතැන්වූ පිරිස අතර පාසල් යන වයසේ දරුවන් 15 දෙනෙකු පමණ සිටින බව වාර්තා වන අතර ඔවුන් සඳහා රාගල සෞඛ්‍ය වෛද්‍ය මධ්‍යස්ථානයේ තාවකාලිකව නවාතැන් පහසුකම් සලසා තිබේ.
ප්‍රදේශයේ වැසි සහිත තත්ත්වයක් තිබිය දී මෙම ගින්න ඇතිව තිබෙන අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
ගින්නෙන් කිසිවෙකුටත් හානි සිදුව නොමැත. ගින්න පැතිරයාමත් සමඟ නිවාසවල තිබූ වටිනා භාණ්ඩ පිටතට ගැනීමට නිවැසියන් පියවර ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් රාගල පොලීසිය පරීක්ෂණ පවත්වයි.