සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහ මෝල්ලුන්ට ලාබයක් දුන්නට පස්සේ ජනතාවට අන්නන්න එපා… සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියෝ රජයෙන් ඉල්ලති!

by editor
දෙසැම්බර් 8, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

සහල්වල පැවැති මිලට වඩා රුපියල් 10කින් මිල ඉහළ දමා විකිණීමට අවස්ථාව සලසා දී මහා පරිමාණ මෝල් හිමියන්ට දැවැන්ත ලාභයක් ලබා ගැනීමට රජය අවස්ථාව සලසා දුන්නා නම් මෙතැන් සිට හෝ නිශ්ඡිත යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කර වැටලීම් මාලාවක් දියත් කළ යුතු බවත්, එහි ප්‍රතිලාභය පාරිභෝගික ජනතාවට ලබා දිය යුතු බවත් සමස්ථ ලංකා සුළු හා මාධ්‍ය පරිමාණ වී මොල් හිමියන්ගේ සංගමයේ සභාපති යූ.කේ සේමසිංහ පවසයි.

මහා පරිමාණ සහල් මෝල් හිමියන් සමග සාකච්ඡා කර උපරිම සිල්ලර මිල වෙනස් කරමින් රජය විසින් නව සහල් මිල ගණන් ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධව ප්‍රකාශයක් කරමින් සභාපතිවරයා මෙසේ ද පැවසුවේය.

“සහල්වල තිබුණු මිලට වඩා රුපියල් 10කින් ඉහළ දමලා විකුණන විදිහට එකඟතාවයකට ඇවිල්ලා තියෙනවා. අපේ රටේ සහල් සම්බන්ධයෙන් ගැසට් කරපු මිලක් තිබුණා. ඒ මිල තමයි කැකුළු සහල් කිලෝ එකක් 210යි, නාඩු කිලෝ එකක් 220යි, සම්බා කිලෝ එකක් රුපියල් 230යි සහ කීරි සම්බා 260ක් විදිහට තමයි තිබුණේ. නමුත් අද දවසේ සිට කීරි සම්බා හැර අනෙක් සහල් වර්ග 03 සඳහා රුපියල් 10ක වැඩිවීමක් නියම වෙලා තියෙනවා. ”

“මේක නෙමෙයි කරන්න තිබුණේ. නියාමනයට යටත්ව සහල් විකිණීම සම්බන්ධයෙන් වැටලීම කිරීම තමයි සිදුකළ යුතුව තිබුණේ. නමුත් මේ තීන්දුව දැන් අරගෙන තිබෙනවා. හැබැයි අපි විශ්වාස කරනවා ජනාධිපතිවරයා සහ රජය විසින් මේ ගත්තු තීරණයට අනුව, අද දවසේ සිට පාරිභෝගික අධිකාරිය හරහා සහල් වැටලීම් සිදුකරන්න ආරම්භ කරයි කියලා. එහෙම නොකළොත් මේ රටේ පාරිභෝගික ජනතාව දැවැන්ත අසාධාරණයකට ලක්වෙනවා. රුපියල් 10ක් සහල් වැඩිකරලා දීලා මහා පාරිමාණ වී මෝල් හිමියන්ට තවත් රුපියල් 10කින් ඔවුන්ගේ ලාභය වැඩිකරලා දුන්න අවස්ථාවකත් මෙය නොවිය යුතුයි. ඒ නිසා අනිවාර්යෙන් පාරිභෝගික අධිකාරිය විසින් ලංකාව පුරා සියලුම වෙළෙඳසැල් සහ වී මෝල වලට හිල්ලා ඒ වැටලීම් සිදුකරලා මේ සම්බන්ධයෙන් කටයුතු සිදුකළ යුතුයි.” -( අද දෙරණ)

RelatedPosts

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගහන මඩ තඹයකට මායිම් කරන්නේ නෑ… පාර්ලිමේන්තුවෙදි කළ කතාව බලාපොරොත්තු වුන සමාජ සංවාදය හදලා… දැන් වගාවට සිදුවන වන සත්ත්ව හානිය ගැන කඩිනම් ඇත්ත උත්තරය හොයමු… කෘෂිකර්ම ඇමති ලාල් කියයි!

Next Post

ඩයනමයිට් ගසා මාලු අල්ලන ගාල්ලේ අපරාධකරුවන් වළක්වන්න කෙනෙක් නෑ… කම්පනයෙන් මිය ගිය ගැහැණු කැස්බෑවුන් 07ක් ගාල්ල වෙරළ තීරයට ගොඩගසයි…. මිය ගිය මාළු රැසකුත් ගොඩ ගහලා….

Related Posts

bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
පුවත්

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!
  • කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.