බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහ බැංකු නිලධාරීන්ගේ  වැඩිකළ වැටුප් අත් හිටුවන්න… රජයේ මුදල් කාරක සභාව නිර්දේශ කරයි…

by editor
මාර්තු 20, 2024
in පුවත්
central-bank-of-sri-lanka
Share on FacebookShare on Twitter
  • ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යාල කාර්ය සහායක තුන්වන ශ්‍රේණියට රුපියල් දෙලක්ෂ විසි තුන් දහස් හත්සිය හැට තුනයි ශත අසු තුනක දල මාසික වැටුපක් වැටුප් සංශෝධනයෙන් පසු ලැබිලා…

වත්මන් වැටුප් සංශෝධනයෙන් අනතුරුව ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යාල කාර්ය සහායක තුන්වන ශ්‍රේණියට රුපියල් දෙලක්ෂ විසි තුන් දහස් හත්සිය හැට තුනයි ශත අසු තුනක දල මාසික වැටුපක් ලැබෙන බව රජයේ මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. 

මුදල් කාරකසභාවේ නිර්දේශය වී තිබුණේ මෙම වැටුප් වැඩිවීම තාවකාලිකව අත්හිටුවා මේ සම්බන්ධ ස්වාධීන කමිටුවක් මගින් කරන විමර්ශනයකින් අනතුරුව  එම වාර්තාව සති හතරක් තුළ මුදල් කාරක සභාව වෙත ලැබෙන්නට සලස්වන ලෙසත් රජයේ මුදල් කාරක සභාව සිය නිර්දේශ ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර ඇත.

මෑතක දී සිදුකළ වැටුප් වැඩි කිරීමට මහ බැංකුවට ස්වයං හිමිකමක් ඇති වුවද එලෙස වැඩි කරගැනීම පිළිබඳව මහබැංකුව ශ්‍රී  ලංකා පාර්ලිමේන්තුවට වගකිව යුතු බවත් නිශ්චිත ක්‍රමවේදයක් සහ විනිවිද පෙනෙන ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු බවත්  රජයේ මුදල් කාරක සභාව අද සිය නිගමනය දැනුම් දෙමින් පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේය.

ශ්‍රි ලංකාව තම ආර්ථික බිඳවැටීමේ ප්‍රතිවිපාක සමග පොරබදමින් සිටින අවස්ථාවක, රට පුරා සිටින පුරවැසියන් සැලකිය යුතු දුෂ්කරතාවයකට ලක් වී සිටින අවස්ථාවක, බදු වැඩි වීම් සහ ජීවන වියදම් ඉහළ යෑම  රට යථා තත්ත්වයට පත්කරගැනීම සඳහා ඉඩ හැර ඇති අවස්ථාවක විශේෂයෙන්ම මෑත කාලීන මහබැංකු වැටුප් වැඩිකරගැනීම මහජන කෝපය අවුලුවාලීමට සමත්ව ඇති බව රජයේ මුදල් කාරක සභාවේ නිගමනය බවද සභාපතිවරයා පැවසුවේය.

පවතින තත්ත්වය තුළ මහබැංකුවේ සියලුම කාර්ය මණ්ඩල සඳහා වැටුප් වැඩිවීම අසාධාරණ බව ද රජයේ මුදල් කාරක සභාව දරන මතය විය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

රජයේ මුදල් කාරක සභාව ශ්‍රී ලංකා මහ බැංකුව අතර ඇති වූ සියලු ලිපි ගනුදෙනු මත පදනම්ව ශ්‍රි ලංකා මහ බැංකුවේ ස්වාධීනත්වයට හානියක් නොවන පරිදි ගැටලුව සාධාරණ විසඳුමක් සහිතව ශ්‍රී ලංකා මහ බැංකුවේ 24 සහ 26 වැටුප් සංශෝධනය ශීර්ෂය සහිත 2024.03.16 ශ්‍රී ලංකා මහ බැංකුව ලිපියට විශේෂ අවධානයක් යොමුකරමින් වැටුප් වැඩිකිරීම සලකා බැලීම සඳහා මුදල් අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයාගේ එකඟත්වය ඇතිව ස්වාධීන පාරදෘශ්‍ය කමිටුවක් කඩිනමින් පත් කරන ලෙස රජයේ මුදල් පිළිබඳ කාරක සභාව නිර්දේශ කර ඇත.

ඒ පිළිබඳ  වාර්තාව සති හතරක් ඇතුළත මුදල් පිළිබඳ කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලෙසත් ලැබී ඇති කරුණු මත අනෝන්‍ය විසඳුමක් ලැබෙන තුරු වැටුප් වැඩි කිරීම ශ්‍රි ලංකා මහ බැංකුව විසින් අත් හිටුවන  ලෙසත් රජයේ මුදල් කාරක සභාව නිර්දේශ කරයි.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කෝප් කමිටුවෙන් අනුරත් අස් වෙයි! අස් වුන ගණන 09යි..

Next Post

සබරගමු සමන් දේවාල බස්නායක නිලමේ පොරයේ ගොදුරු වූ වැලිගෙපොල සහ පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ ස්ථාන මාරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අත්හිටුවයි… සිටි ස්ථානවලම සේවයේ පිහිටුවයි!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.