සබරගමුව මහ සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා තේරීමේ නිලවරණය ලංවත්ම දේශපාලන මැදිහත්වීම් මත අතාර්කික ලෙස සිය සේවා ස්ථානවලින් මාරු කර සංචිතයට අනුයුක්ත කළ කීර්තිමත් පරිපාලන නිලධාරීන් දෙපළක්වන වැලිගෙපල ප්‍රාදේශීය ලේකම් අනුරාධ ජයකොඩි සහ ඕපනායක ප්‍රාදේශීය ලේකම් ධම්මික සතරසිංහ ගේ ස්ථානමාරුවීම් වහාම අත්හිටුවා ඔවුන්ව ඔවුන් සේවය කළ රාජකාරි ස්ථාන වෙතම අනුයුක්ත කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේය.
දේශපාලකයින් ඉදිරියේ අනම්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය කළ මෙම කීර්තිමත් නිලධාරින් දෙදෙනා කිසිම හේතු දැක්වීමකින් තොරව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සංචිතය වෙත මාරු කර යවා තිබිණි.
ඊට එරෙහිව මෙම නිලධාරීහු ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පෙත්සමක් ගොනු කළ අතර එහි නියෝග අද ප්‍රකාශයට පත් විය.
වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.
ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ ඡන්දයෙන් පත්වන රත්නපුර මහා සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා පත්කරගැනීමේ නිලවරණය ආසන්න වනවිට දේශපාලන බලපෑම් නොතකන පරිපාලන නිලධාරීන් අශිෂ්ට ලෙස දඩයම් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ වී පැවතිනි.
එම ව්‍යාපෘතියේ ප්‍රමුඛ බිලි වූයේ දේශපාලන බලපෑම් ඉදිරියේ අනම්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ කීර්තිමත් පරිපාලන නිලධාරී ලෙස ගෞරවයට ලක් වූ රත්නපුර දිස්ත්‍රික්කයේ වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම් අනුරාධ ජයකොඩි සහ ඕපනායක ප්‍රාදේශීය ලේකම් ධම්මික සතරසිංහය.
මෙම නිලධාරීන් දෙපළම අතාර්කිකව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සංචිතය වෙත මාරුකර යවා තිබිණි.
වැලිගෙපල ප්‍රාදේශීය ලේකම්වරයා ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළම නිලධාරියෙක් වු අතර ඔහු සිය නිල ස්ථාන මාරුවීම්වල දී ප්‍රමුඛතාවය මත ඉල්ලා සිටි බලංගොඩ ප්‍රාදේශීය ලේකම් ධූරය හා වැඩ බලමින් සිටි ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් ධූරය ය. එම අවස්ථාව දෙනු වෙනුවට ඔහුව සංචිතයට පළවා හරිනු ලැබුවේ ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් තනතුර පුරප්පාඩුව පවතිද්දී ය. අනතුරුව ඔහු ඉල්ලා සිටි බලංගොඩ ප්‍රාදේශීය ලේකම් ධූරයට ඔහුට වඩා කනිෂ්ඨ නිලධාරිනියක පත් කර තිබිණි.
අභ්‍යන්තර ආරංචි මාර්ග පැවසුවේ මේ පළිගැනීම් සහගත ස්ථාන මාරුවීම්වලට ප්‍රධානම හේතුව බලංගොඩ බොල්තුඹේ සමන් දේවාලයේ බස්නායක නිලමේ ධූරය සඳහා මහා සමන් දේවාලයේ බස්නායක නිලමේට ප්‍රතිපක්ෂ පුද්ගලයෙක් වෙනුවෙන් ඡන්දය පාවිච්චි කිරීම බවය.
ෙමේ පරිසරය තුළ රත්නපුර දිස්ත්‍රික්කයේ කිසිම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට මෙම නිලධාරින් දෙපළ පත් නොකිරීමට දේශපාලන බල අධිකාරිය තීරණය කර තිබිණි.
මෙම ප්‍රාදේශීය ලේකම්වරු තමන්ට සිදුවූ අසාධාරණයට එරෙහිව මානව හිමිකම් කඩවීම සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරූහ.
අද එම නඩු විභාගය කැඳවූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මළල්ගොඩ ප්‍රමුඛ විනිසුරු මණ්ඩලය නියෝග කළේ වහාම ක්‍රියාත්මකවන පරිදි මෙම මාරුවීම් අත්හිටුවන ලෙසය.
මාරුවීම් සඳහා වාරණ නියෝගයක් නිකුත් කළ අධිකරණය උක්ත නිලධාරීන් ඔවුන් රාජකාරි කරමින් සිටි ස්ථානවලටම අනුයුක්ත කරන ලෙස නියෝග කළේය.
මෙම මාරුවීම් නියෝග නීත්‍යානුකූල නොවන්නේ යැයි පෙනී යන බවත්, විමර්ශනය නිම කර අවසන් නියෝගය දෙන තුරු ඔවුන් එම රාජකාරි ස්ථානවලම රාජකාරි කළ යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේය. .
පැමිණිල්ල වෙනුවෙන් ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන, සහ නීතිඥ රජී වසන්ත වෙල්ගම පෙනී සිටියේය.