අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහ පාරේ ආණ්ඩු හදන්න බෑ… ආණ්ඩු වෙනස් කළ හැක්කේ පාර්ලිමේන්තු මැතිවරණයකින් පමණයි – ජනාධිපති අවධාරණය කරයි!

by editor
මාර්තු 3, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ආණ්ඩුවක් වෙනස් කිරීමට හැකියාව තිබෙන්නේ ජනතාව තෝරා ගත්  පාර්ලිමේන්තු මැතිවරණයකින් පමණක් බවත් මහ පාර ඊට විකල්පයක් නොවන බවත්  ජනාධිපති රනිල් වික්‍රමසිංහ  අවධාරණය කළේය.

රටේ ආර්ථිකය පිළිබඳ යහපත් ප්‍රතිඵල ළඟදීම රටට ලැබීමට නියමිත බව සඳහන් කළ ජනාධිපතිවරයා ආර්ථික බිඳවැටීමෙන් ද රටවල්  අරාජික වන බවත්, එබැවින් රටක ව්‍යවස්ථාව මෙන්ම ආර්ථිකය ද එකලෙස ආරක්ෂා කිරීමට සියලු දෙනා කටයුතු කළ යුතු බවත් පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ   මේ බව සඳහන් කළේ,  ත්‍රිකුණාමලය ගුවන් හමුදා කඳවුරේ අද (03) පෙරවරුවේ පැවති  ගුවන් හමුදාවේ අධිකාරියට පත් කැඩෙට් නිලධාරීන්ගේ විසිරයාමේ උළෙල අමතමිනි.

ත්‍රිකුණාමලය ගුවන් හමුදා කඳවුර වෙත පැමිණි සේනාධිනායක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ  ගුවන් හමුදා උත්තමාචාර සහිතව පිළිගනු ලැබණි.

අධිකාරිලත්  නිලධාරීන් 37ක්,  නිලධාරීනියන් තිදෙනෙක් අද විසිර ගිය අතර අධිකාරි ලත් ගුවන් හමුදා නිලධාරීන්ට “අසිපත” පිළිගැන්වීම  ජනාධිපතිවරයා අතින් සිදු විය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

එසේම පියාසර පුහුණුව ලැබූ නිලධාරීන් 13 දෙනෙකුට පියාසර ලාංඡන පැළඳවීම සහ අති සුවිශේෂ දක්ෂතා දැක්වූ 07 දෙනෙකු වෙත කුසලාන පිරිනැමීම ද මෙහිදී සිදු කෙරිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති  රනිල් වික්‍රමසිංහ  මෙසේ පැවසීය.

පාසල් අධ්‍යාපනයෙන් පසුව ගුවන් හමුදාවට එක් වී, පුහුණුවීම් සාර්ථකව අවසන් කර, අද දින අධිකාරි ලත් ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම මම සුබ පතනවා.

දුෂ්කර පුහුණුවකින් පසුව අද ඔබ මෙලෙස  අධිකාරියට පත්වීම, ඔබට මෙන්ම ඔබේ දෙමාපියන්ට ද මහත් සතුටක් බව මම දන්නවා. ඇතැම් විට ඔබේ ගම් පළාතෙන්ම ගුවන් හමුදා නිලධාරියකු බවට පත්වන පළමු පුද්ගලයා ඔබ විය හැකියි.

ඔබ අද දරන්නේ විශාල වගකීමක්. එම නිසා ඔබගේ මෙන්ම ඔබේ වෘත්තීය ගරුත්වය ආරක්ෂා කිරීමටත් වග බලා ගත යුතුයි.

එම වෘත්තියට අගෞරවයක්, කැලලක් වන කිසිවක් නොකිරීමට ද වග බලා ගත යුතුයි. සෑම විටම තමන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සාමාජිකයෙක් බව සිහිතබාගෙන අභිමානයෙන් යුතුව කටයුතු කරන ලෙස මම ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.

ඔබ අද අධිකාරිය ලබන විට  ව්‍යවස්ථාව සුරකින බවට දිවුරුම් දුන්නා. ඒ වගේම ගුවන් හමුදාවේ දිවුරුමත් ලබා දුන්නා. මේ ප්‍රකාශ දෙකෙහිම තිබෙන්නේ ඔබේ මූලික යුතුකම සහ වගකීමයි.

ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමත්, රට ආරක්ෂා කිරීමත් ඔබගේ වගකීම වනවා. මොකද රටක් නොමැතිව ව්‍යවස්ථාවක් නැහැ. රටක් නැති නම් ව්‍යවස්ථාව කියන්නේ නිකම් කොළ කැබැල්ලක් පමණයි. ව්‍යවස්ථාව ක්‍රියාත්මක වන්නේ රටක් තිබෙන නිසා. ඔබ ලබාදුන් දිවුරුමට අනුවත් මේ රටේ ව්‍යවස්ථාවටත්, නීතියටත් අනුකූලව ක්‍රියා කරන්නටත් ජන රජයට පක්ෂපාතී වන්නටත් ප්‍රතිඥා දී තිබෙනවා.

අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු වගන්තියේ සඳහන් කර තිබෙන්නේ     “මෙය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය” කියලයි. එසේ නම් ව්‍යවස්ථාව තිබෙන්නේ ජනරජය සඳහායි. රටේ ඒකීය භාවය ගැනත් එහි සඳහන් වෙනවා. ඒ වගේම එම පරිච්ඡේදයේ සඳහන් වනවා ජනතා පරමාධිපත්‍ය ක්‍රියාත්මක කරන ආයතන, ජාතික කොඩිය සහ අපේ ජාතික ගීය පිළිබඳවත්. අනෙක් සියලු පරිච්ඡේද තිබෙන්නේ මේවා ආරක්ෂා කරගෙන ඉදිරියට ගෙන යාමටයි. එසේ නම් අපි මේ අනුව ක්‍රියාත්මක විය යුතුව තිබෙනවා. එහිදී පළමුව රට ආරක්ෂා කළ යුතුයි. ඒ සඳහා අප ස්වෛරි, ස්වාධීන නිදහස් රාජ්‍යයක් විය යුතුයි.

ස්වෛරි, ස්වාධීන නිදහස් රාජ්‍යයකට තර්ජනයක් වන කිසිඳු දෙයක් සිදුවීමට ඉඩ නොතැබිය යුතුයි. එය අපේ ප්‍රධාන යුතුකමයි. එහිදී  රටේ ඒකීයභාවය ආරක්ෂා කළ යුතුව තිබෙනවා. ඒකීයභාවය ආරක්ෂා කිරීමට නම් මේ රටේ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කළ යුතුයි. රටේ භෞමික අඛණ්ඩතාවය 1983 – 2009 දක්වා තර්ජනයට ලක්වී තිබුණා. එම අවස්ථාවේ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ජීවිත පරිත්‍යාගයෙන් එය ආරක්ෂා කළා.

පැරෂුට් සංදර්ශනය…

ඒකීයභාවය ආරක්ෂා කරන්න නම් රටේ ජනතාවගේ එක්සත්භාවයත් අප ආරක්ෂා කළ යුතුයි.

රටක් ලෙස අපට තනිව නැගී සිටිමට නම් මේ රටේ සිටින සිංහල, දෙමළ ,මුස්ලිම්, බර්ගර්  වගේම සියලු ආගමිකයින් ද ශ්‍රී ලාංකිකයන් ලෙස එක්ව කටයුතු කළ යුතුයි. අප සියලු දෙනාගේම සංස්කෘතිය, ආගම ආරක්ෂා කරගත යුතුයි. එසේ නොමැතිව රට බෙදුනොත් එය රටේ ඒකීයභාවයට විශාල තර්ජනයක් විය හැකියි.

ඒ වගේම විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන ආයතනවලින් ශ්‍රී ලංකාවේ නීත්‍යානුකූලභාවය  සකස් වී තිබෙනවා. ව්‍යවස්ථාදායකය මගින් සම්මත  කරන  නීති ක්‍රියාත්මක කිරීමට අධිකරණය කටයුතු කරනවා. මේ සියලුම ආයතන මඟින් ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට අදාළ කටයුතු සිදු කෙරෙනවා. එම නිසා මෙම ආයතන ආරක්ෂා කර ගැනීම සියලු දෙනාගේම වගකීමක්.

ආණ්ඩුවක් තෝරා ගන්නේ හෝ වෙනස් කරන්නේ, ජනතාව තෝරාගත් පාර්ලිමේන්තුවක් විසින් පමණයි. පාර්ලිමේන්තු මැතිවරණයක් නොමැතිව ආණ්ඩු මාරුවක් සිදු කළ නොහැකියි. මහ පාර කියන්නේ පාර්ලිමේන්තුවට විකල්පයක් නොවේ.

පසුගිය ජූලි මාසයේ දී පාර්ලිමේන්තුව ආරක්ෂා කිරීමට ගත් පියවර සම්බන්ධයෙන් ත්‍රිවිධ හමුදාවට මෙන්ම පොලිසියටත් මම ස්තූතිවන්ත වෙනවා .  පාර්ලිමේන්තුවක් නැති රටවල් අරාජික විය හැකියි. මොකද පාර්ලිමේන්තුවක් නොමැති නම් නීති සම්මත කිරීමේ බලය අහිමි වන නිසා.

ඒ වගේම ආර්ථිකය බිඳ වැටුණු රටවල් ද අරාජික වෙනවා. එම නිසා රටක ව්‍යවස්ථාව මෙන්ම ආර්ථිකය ද ආරක්ෂා කිරීමට අපි සියලුදෙනා කටයුතු කළ යුතුයි.

පසුගිය දින කිහිපය තුළම මේ රටේ ආර්ථිකයට සුබදායක ආරංචි ගෙන ඒමට විදේශ රටවල නියෝජිතයින් මෙන්ම සංවිධාන කිහිපයක් සමඟ අප සාකච්ඡා කළා. එහි ප්‍රතිඵල ලඟදීම රටටත්, ඔබටත් ලැබේවි. ආර්ථිකය නැති වුණොත් අපට රටක් නැති වෙනවා. රටේ ව්‍යවස්ථාවෙන් ඇති කළ මූලික ආයතනත් ආර්ථිකය යන දෙකම ආරක්ෂා කළ යුතුයි. ඔබේ වගකීම මෙයයි. මේ සියල්ල ආරක්ෂා කළ විට ඔබට රටක් තිබෙනවා. ඒ වගේම ව්‍යවස්ථාවෙන් ලබාදුන් ප්‍රජාතන්ත්‍රවාදයත් ආරක්ෂා කළ යුතුව තිබෙනවා. ව්‍යවස්ථාව සහ රට එකට එකතුවෙලයි ඉදිරියට යන්නේ. එය බෙදිය නොහැකියි. අද මෙම වගකීම භාරගන්න ඔබ සියලු දෙනාට මම සුබපතනවා.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වේගා මෝටර් රථයට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබෙයි!

Next Post

ඒස් පවර් ඇඹිලිපිටිය පුද්ගලික දේශීය විදුලි සමාගමෙන් විදුලිය ගන්න විදුලිබල මණ්ඩලය ඩොලර්වලින් ගෙවලා… විගණනය හෙළි කරයි. 

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.