ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන ජනශක්ති ඉන්ෂුවරන්ස් සමාගමේ අධ්‍යක්ෂවරයකු ලෙස පත්තොට තිබේ. මෙම පත්වීම ඊයේ සිට (ජූලි 5) බල පැවැත්වෙන බව සමාගම නිවේදනය කරයි.
ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරූ ජයවර්ධන මේ වන විට ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සභාපති ලෙස කටයුතු කරයි. ජයවර්ධන මහතා ද සමඟ තවත් අධ්‍යක්ෂවරුන් සිව් දෙනෙකු 2021 ජූලි 5 දින සිට බලපැවැත්වෙන පරිදි ජනශක්ති රක්ෂණ සමාගම් අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කර ඇත.
ඒ අනුව දිනේෂ් ෂාෆ්ටර්, වරිනි ද කොස්ටා සහ අනිකා සේනානායක සහ රවී ලියනගේ (විධායක අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී) ජනශක්ති අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කරති. .