පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මහියංගණය මහනුවර ප්‍රධාන මාර්ගයේ එනම් 18 වංගුව පාරේ 14 වංගුව අසලදී ගල් සහ පසේ කන්දක් මාර්ගයට කඩා වැටී එම මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බව පොලිසිය පවසයි.
ඊයේ (04) රාත්‍රි සිට මෙම මාර්ගය අවහිර වී ඇති අතර මාර්ගයේ රථවාහන ගමනාගමනය තාවකාලිකව අත්හිටුවා ඇත. එබැවින් පහත විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය එම මාර්ගය පරිහරණය කරන මහජනතාවගෙන් ඉල්ලා සිටි.
- මහනුවර සිට මහියංගණය දෙසට ධාවනය වන රථවාහන මහනුවර නගරයෙන් තැන්න කුඹුර ඔරලෝසු කණුව හන්දියට පැමිණ දකුණට ඇති රන්දෙනිගල බදුල්ල මාර්ගය (රජ මාවත ) ඔස්සේ පැමිණ 21 හන්දියයන් වමට හැරී බදුල්ල මහියංගනය මාර්ගය ඔසේසේ මහියංගනය නගරයට පැමිණිය හැකි.
- මහියංගනය සිට මහනුවර දෙසට ධාවනය වන රථ වාහන බදුල්ල මහියංගනය මාර්ගය ඔසේසේ පැමිණ 21 හන්දියයන් දකුණට හැරී රන්දෙණෙගල බදුල්ල මාර්ගය (රජ මාවත ) ඔසේසේ තැන්නකුඹුර ඔරලෝසු කණුව හන්දිය හරහා මහනුවර නගරයට පැමිණිය හැක.