හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මීට සුලු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට පැමිණියේය. ඔහුගේ දෙටු පුත් නාමල් රාජපක්ෂ ද අද දින පැවැත්වෙන පාර්ලිමේන්තු සැසියට එක්ව සිටී.
ඔවුන් දෙපළ ඊයේ පාර්ලිමේන්තුවට පැමිණියේ නැත. මැයි 09 අරලියගහ මන්දිරයේ කළ කුමන්ත්‍රණයෙන් අනතුරුව ගොල්ෆේ්ස් අරගලකරුවන්ට කර පහරදීමේන පසු ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජජපක්ෂ, නාමල් රාජපක්ෂ ඇතුළු පවුලේ අය ගුවන් මගින් අරලියගහ මන්දිරය හැර දමා ත්‍රී කුණාමලය මූලස්ථාන නාවික කඳවුර වෙත ගියේය.
එදිනම සවස ඔවුන් නාවික කඳවුරින් පිටවී ආරක්ෂිත දූපතක ලැගුම් ගෙන සිටි බව මාධ්‍ය වාර්තා කළේය.
කෙසේ වෙතත් අද ඔවුන් දෙපල පාර්ලිමේන්තුවට පැමිණ ඇත. ගෝල්ෆේස් අරගල භූමියට පහර දී රටම ගිනි තැබූ සිදුවීම සම්බන්ධව මෙම දෙපලට නීතිපතිවරයා විසින් චෝදනා ගොනු කර නැත.