අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලිසිය දේශපාලනීකරණය වූ හැටි කී පොලිස්පතිවරයාට අමාත්‍යාංශයෙන් ලැබුණු සුපිරි උත්තරේ !

by editor
මැයි 18, 2022
in පුවත්
Share on FacebookShare on Twitter
  • ස්ථානාධිපතිවරු පත්කිරීමට නිර්දේශ අමාතයාංශයට දෙන්නේ පොලිස් මූලස්ථානයෙන්- ඒ නිසා නිර්දේශ දෙනකොට ලිපියෙහි කරුණු ගැන අවධානය යොමු කරන්න

  • පොලීසියේ අකාර්යක්ෂමතාව පොලිිස් ස්ථානාධිපතිවරුන් මතම බැර කිරීම කොතරම් යුක්ති සහගතද

  •  ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තම වගකීම නිසියාකාරව ඉටුකරන්නේ නම් ප්‍රශස්ථ මහජන සේවයක් ලබාදීමට හැකියාවක් තිබෙනවා

ශ්‍රී ලංකා පොලීසියේ පරිපාලනය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් හා ස්ථානාධිපතිවරුන් පත් කිරීම් සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත පොලිස්පති විසින් යොමු කළ පිටු 08 කින් යුක්ත ලිපියට හැරෙන තැපෑලෙන්ම මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් අල්විස් මහතා හොද උත්තරයක් ලබාදී ඇතැයි ලංකාසරට වාර්තා වේ.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට පොලිස්පතිවරයා එම රහස් ලිපිය යොමුකරනුයේ ඉකුත් දෙසැම්බර් 06 වෙනිදාය. පොලිස්පතිවරයාට ඊට පිළිතුරු ලිපියක් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් යොමුකර ඇත්තේ සතියක් ඇතුළතය. ඒ දෙසැම්බර් 13 වෙනිදාය.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පොලිස්පතිවරයාට අවධාරණය කර ඇත්තේ එම ලිපියෙහි අන්තර්ගත කරුණු අතරින් අවධානයට ලක්කර ඇති පොලිස් ස්ථානාධිපතිවරු පත්කිරීම් ගැන බැවින් ශ්‍රී ලංකා පොලීසියේ අකාර්යක්ෂමතාවයට හේතුව ස්ථානාධිපතිවරුන් මතම බැර කිරීම කොතරම් යුක්ති සහගතද යන්න සොයා බැලිය යුතු බවය

එම ලිපියෙහි මහජන ආරක්ෂක ලේකම්වරයා අවධාරණයකර ඇත්තේ ස්ථානාධිපතිවරුන් පත් කිරීමේදී පොලිස් මූලස්ථානයේ නිර්දේශ ප්‍රධාන සාධකයක් වන බැවින් ස්ථානාධිපතිවරුන් පත් කිරීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමේදී උක්ත ලිපියෙහි කරුණු කෙරෙහි අවධානය යොමුකරන ලෙසය.

පිටු දෙකකින් සමන් විත එම පිළිතුරු ලිපියෙහි මෙසේද සඳහන්ය.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

“දීර්ඝ ලෙස කරුණු ඉදිරිපත්කර එම ලිපියෙන් ඔබ පෙන්වා දීමට උත්සහ කර ඇත්තේ ශ්‍රී ලංකා පොලීසියේ මෙවන් අකාර්යක්ෂම තත්වයකට වැටීමට ප්‍රධානතම හේතුව ස්ථානාධිපතිවරුන්ගේ අකාර්යක්ෂමතාවය යන්නයි.

ස්ථානාධිපතිවරුන් ඇතුළුව පරීක්ෂක ශ්‍රේණියේ මෙන්ම සෙසු නිලධාරීන්ගේ දැනුම හා කුසලතාවයන් වර්ධන කර ඒ අය නිසි මාර්ගයට යොමු කිරීම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ වගකීම බව පෙන්වා දෙමි. එමෙන්ම නිලධාරීන් විසින් සිදුකරන විනය විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් ද නිසි පියවර ගැනීමත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සතු වගකීමකි.

මෙම පසුබිම තුළ ජ්‍යෙෂ්ඨ අධික්ෂණ නිලධාරීන් තම වගකීම නිසියාකාරව ඉෂ්ට කිරීමෙන් ප්‍රශස්ථ මහජන සේවයක් ලබාදීමේ හැකියාවක් ඇති බව මා විශ්වාස කරමි.

ඉහතින් පෙන්වා දී ඇති කරුණු අනුව ශ්‍රී ලංකා පොලීසියේ අකාර්්යක්ෂමතාවයට හේතුව ස්ථානාධිපතිවරුන් මතම බැර කිරීම කොතරම් යුක්ති සහගතද යන්න සොයා බැලිය යුතුයි. තවද ස්ථානාධිපතිවරුන් පත් කිරීම සිදුකිරීමේදී පොලිස් මූලස්ථානයේ නිර්දේශ ප්‍රධානතම සාධකය වන බැවින් එම නිර්දේශ ලබාදීමේදී උක්ත ලිපියේ සඳහන් කර ඇති කරුණු කෙරෙහි දැඩි ලෙස අවධානය යොමු කර නිර්දේශ ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස දන්වා සිටිමි.

පවතින තාක්ෂණික දියුණුව ආයතනයේ කාර්යක්ෂමතාවය වරධනය කිරීමට උපයෝගීකර ගත යුතු බව මා පිළිගන්නා අතර ඒ සඳහා තාක්ෂණය මෙන්ම ශ්‍රී ලංකා පොලීසියේ සමස්ථ විෂයානුබද්ධ කාර්යයන් පිළිබදව ප්‍රතිව්‍යූහගත ඉදිරි දැක්මක් සහිත සැළැස්මක් අනිවාර්යෙන්ම සිදුවිය යුතු බව අවධාරණය කරමි.

Share69Tweet43
Previous Post

මහින්ද නාමල් එක්කම පාර්ලිමේන්තු ඇවිත්…

Next Post

මොරටුවේ සමන්ලාල් හා ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.