අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහින්ද නම් ගේම් මාස්ටර් තමයි… ඒත් පක්ෂය තුළ ගේම් ගසා පාර්ලිමේන්තුවටත් එන්න බැරිවුන රනිල් මොන ගේම් කාරයෙක් ද? අනුර දිසානායක අසයි..

by editor
ජූලි 11, 2024
in පුවත්
Anura
Share on FacebookShare on Twitter

සමාජ ව්‍යාකූලත්වයට ලක් කර තනිව සතුටුවීම විනෝදාංශය කරගත්  ලාමක මනසක් සහිත රනිල් වික්‍රමසිංහ මොන ගේම් කාරයෙක් දැයි ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක අද පාර්ලිමේන්තුවේ දී විමසුවේය.

අවුරුදු 30ක පක්ෂ නායකත්වය දරමින් ගේම් අටවන්නට  ගොස්  අවසානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයත් අහිමිකරගත් රනිල් වික්‍රමසිංහ කුමක් හෝ ගැටයක් ගසා තම ධූර කාලය තව අවුරුද්දකින් හෝ වැඩි කරගනු ඇතැයි අපේක්ෂා කරන මන්ත්‍රීවරුන් ගැන අනුකම්පාවක් ඇති වන බව කී අනුර කුමාර දිසානායක ගේම් නම් ගේම් මට්ටමින් ගේම් ගැසූ ගේම් මාස්ටර් නම්  මහින්ද රාජපක්ෂ බවත් කීවේය.

“ තමන්ව මරන්න සැලසුම් කළ පුද්ගලයා තමන් ලඟට අරන් කරට අත දාගන්න පුලුවන් මට්ටමට අරන් ආවා…. අන්න ගේම්…” අනුර දිසානායක මන්ත්‍රීවරයා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පෙන්වමින් කීවේය.

ආණ්ඩුක්‍රව ව්‍යවස්ථාව සහ සෙසු අදාල නීති මගින් පනවා ඇති පරිදි 2024 සැප්තැම්බර් මස 17 දින සිට ඔක්තොම්බර් මස 17 වැනි දක්වා වූ කාල පරිච්ඡේදය තුළ ජනාධිපතිරවණය පැවැත්විය  යුතු බවට යෝජනාව ඉදිරිපත් කරමින් “නිසි කාලය තුළ ජනාධිපතිවරණය පැවැත්වීම පිළිබඳ සභාව කල්තැබීමේ වාවිදය” ආරම්භ කළ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා මෙසේ ද පැවසුවේය.

බැලු බැල්මට මෙහෙම යෝජනාවක් අවශ්‍ය වෙන්නේ නෑ. ව්‍යවස්ථාවෙ ඉතා පැහැදිලිවත්, ඊට අනුරූපීව පැවැත්වූ නීතිවල ඉතා පැහැදිලිවත් ජනාධිපතිරවණය මේ සැප්තැම්බර් මාසේ 17ත් ඔක්තොම්බර් මාසේ 17ත් අතර පැවැත්විය යුතුයි. ඒ නිසා මා හිතන්නෙ අපි විශේෂ යෝජනා සම්මතයක්  අවශ්‍ය නෑ. 17 වැනිදා වෙනවවිට කොහොමත් මැතිවරණ කොමිසමට බලය එනවා.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

හැබැයි පාර්ලිමේන්තුවට මෙවැනි යෝජනාවක් ගෙන එන්න සිදුවන්නේ රට තුළත් පොදුවේ ජනතාව තුළත්  ව්‍යාකූලත්වයක් සැකයක් නිර්මාණය වෙමින් තිබෙනවා මේ ජනාධිපතිවරණය පිළිබඳව.

මේක අදක නෙමෙයි ඇති වෙන්නේ. මතක ඇති පළාත් පාලන මැතිවරණය කල් දැම්මා. පළාත් පාලන මැතිවරණය අවුරුදු පහකට ආසන්න කාලයක් නෑ. ඒ නිසා ජනතාව අතර මතයක් තියනවා පළාත් පාලන මැතිවරණයත් නැතිනම්  පළාත් සභාත් නැතිනම් ජනාධිපතිවරයා මොකක් හරි ‍වෙට්ටුවක් ගහයි මේ ජනාධිපතිවරණයට කියලා.

හැබැයි අපි කවුරුත් දන්නවා පළාත් පාලන ආයතන නැතිනම් කොමසාරිස්වරයෙකුට එය පාලනය කළ හැකියි. පළාත් සභාවක් නැතිනම් ආණ්ඩුකාරවරයා ලවා එය පාලනය කළ හැකියි. හැබැයි ජනාධිපතිවරයෙක් නැතිනම්….

ජනාධිපතිවරයෙක් නැතිනම් ආණ්ඩුවකුත් නෑ. මොකද කැබිනට් මණ්ඩලයේ මූලාසනය හොබවන්නේ ජනාධිපතිවරයා. ඒ නිසා නිශ්ඡිතව ඔහුගේ කාලය ඉක්මවා යෑමට පෙර මාසයක් මාස දෙකක් ඇතුළත ජනාධිපතිරවණය පැවැත්විය යුතුයි. එය ඉතාම පැහැදිලියි.

අපේ ව්‍යවස්ථාව එකඟ නොවන කරුණු තිබුණත් පරිපූර්ණ ව්‍යවස්ථාවක්. ඒ නිසා ජනාධිපතිවරයාගේ ධූර කාලය පිළිබඳව දවසක්වත් පැයක්වත් හිස්වන විදිහට මේ ව්‍යවස්ථාව සකස් කරලා නෑ.

ඒ නිසා අනිවාර්යයෙන් ජනාධිපතිවරයෙක් අපේ රට තුළ සිටිය යුතුයි. ඊලඟ පැන නගින ප්‍රශ්නය තමයි මේ ජනාධිපතිවරයාගේ ධූර කාලය 05 ද 06 ද කියන ප්‍රශ්නය.  .

මේ ගැටලුව ඇති වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30.2 වගන්තියෙ ඉතා පැහැදිලිව සටහන් කර තිබෙනවා ජනරජයේ ජනාධිපතිවරයා ජනතාව විසින් තෝරා පත් කරගනු ලැබිය යුතු අතර පස් අවුරුදු කාලයකට ධූරය දරන්නේය. එතකොට ජනාධිපතිවරයා තෝරා ගන්නේ ජනතාව විසින් . අවුරුදු පහක ධූර කාලයක් තමයි ඔහුට තියෙන්නෙ කියලා.

හැබැයි මෙතන ප්‍රශ්නය පැන නගින්නේ 83 වගන්තියෙ කියනවා ජනාධිපතිවරයාගේ ධූර කාලය සාඅවුරුද්දක් දක්වා දීර්ඝ කරන්නේ නම් ජනාධිපතිවරණයක් අවශ්‍යයයි කියලා.

මෙන්න මේක තමයි රංගෙ බණ්ඩාර මහලේකම්වරයා ඔය ගමක තියන රුස්වීමක කියනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 5 සහ 6 කියලා ප්‍රශ්නයක් මතුවෙලා තියනවා. ඒ නිසා මේක විසඳීම සඳහා කැබිනට් මණ්ඩලයට පනතක් ගෙනත් තියනවා කියලා කියනවා.

බැහැයි රංගේ බණ්ඩාර මහලේකම්වරයා එහෙම කිව්වහම අමාත්‍යවරු කිව්වා එහෙම  එකක් ගෙනාවේ නෑ කියලා. ඒ කියපු සඳුදා නෙමෙයි, ඊලඟ සඳුදා කැබිනට් පත්‍රිකාවක් ආවා. එහෙමනම් හරි පැහැදිලියි රංගේ බණ්ඩාරත් නියෝජනය කරන යම් ස්ථානයක මේ සාකච්ඡාව සිදුවෙමින් තිබෙන බව. මොකද රංගේ බණ්ඩාර කැබිනට් අමාත්‍යවරයෙක්වත් නෙමෙයි. ඔහු එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා. හැබැයි ඔහු තමයි කියන්නේ මෙවැනි පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බව.

හැබැයි අමාත්‍යවරු කියනවා එහෙම එකක් ආවෙ නෑ කියලා. හැබැයි එහෙම එකක් ආවේ ඊලඟ සඳුදා. ඒ කියන්නේ මාළිගාවේ ඇතුළෙ සාකච්ඡාවක් වෙමින් තියනවා මේ කුමන්ත්‍රනය පිළිබඳව. අනිවාර්යයෙන් එතන වජිර ඔබ  ඉන්නවාමයි.

මෙතන ඔහොම සාකච්ඡාවක් ගියා. රංගෙ බණ්ඩාරට මේක සංයමයකින් ආරක්ෂා කරගන්න බැරි වුනා. පැන්නා. පැන්නට පස්සේ පහුගිය  සඳුදා නැවත කැබිනට් මණ්ඩලයට මේ පත්‍රිකාව ඉදිරිපත් කරලා තියනවා.

ඒකෙ ඉතා පැහැදිලිව තියෙන්නේ සාවුරුද්දක් ඉක්මවා යන වචන වෙනුවට පස් අවුරුද්දක් ඉක්මවා යන වචන එකතු කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 (අ)  ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රතිසංශෝධන පනත් කෙටුම්පතක් සකස් කිරීම පිනිස ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී කියලා

එතකොට   ජනාධිපතිවරයා සංකල්ප යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙන්නේ පහ හය කයලා තැන් දෙකක තියනවා. ඒ නිසා මේ පහ කියන එකත් හය කරන්න කියලා.

එහෙම පහද හයද කියලා පටලැවිල්ලක් තියෙන්නේ කාට ද?. කවර හෝ කෙනෙකුට තියනවා නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්තකථනය කිරීමේ බලය තියෙන්නේ කැබිනට් මණ්ඩලයටත් නෙමෙයි, පාර්ලිමේන්තුවටත් නෙමෙයි, ශ්‍රේෂ්ඨාධිකරණයට.  ඉතා පැහැදිලිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 125 වගන්තිය යටතේ සඳහන් කරලා තියනවා වෙන කවර තින්දුවක් තිබුණත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේ බලය තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට.

ශ්‍රේෂ්ඨාධිකරණය පහද හයද කියන ප්‍රශ්නය අවස්ථා තුනක දී  විසඳලා තියනවා. එකක් තමයි අර්ථ නිරූපනයක් ඉල්ලනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීම පිළිබඳ යම් ප්‍රශ්නයක් විභාගකොට තීරණය කිරීම සදහා තනි හා අනන්‍ය අධිකරණ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට ඇත්තේය කියලා.

ඒක වජිරටවත් රනිල්ටවත් රංගේ බණ්ඩාරටවත් ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කරන්න බලය නෑ.

එතකොට මේ ශ්‍රේෂ්ඨාධිකරණයට මේ ප්‍රශ්නය අවස්ථා තුනක දී ආවා. එකක් 2018 ජනවාරි මාසයේ දි.  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ   යම් ගැටලුවක් තියනවා නම් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන්න යම් අවස්ථාවක් ජනාධිපතිවරයාට තියනවා.  ඒ අනුව 2018 ජනවාරි මාසයේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසනවා.

ඒ වෙලාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයාට දැනුම් දෙනවා නෑ ඔබට තියෙන්නේ පහයි කියලා. ඒ තමයි ශ්‍රේෂ්ඨාධිකරණය මේ පහද හයද කියන ගැටලුව විසඳපු පළමු අවස්ථාව.

දෙවැනි අවස්ථාව 2019 මැතිවරණය ප්‍රකාශ කළාට පස්සේ,  ජනාධිපති ධූරයේ කාලය  සම්බන්ධව ශ්‍රේෂ්ඨාධීකරණය අර්ථ නිරූපණයක් ලබා දෙන තුරු කෙනෙක් අධිකරණයට ගිහින් ඇහුවා ජනාධිපති ධූර කාලය ගැන. ධූර කාලය නිශ්චිත කරන තුරු මැතිවරණ කොමිසමට ජනාධිපතිවරණය ප්‍රකාශ කිරීමට ඇති බලය අත්හිටුවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොනුකළ පෙත්සම විභාගයට නොගෙන නිශ්ප්‍රභා කළා.  ඒක මේ ලේනා ගෙනාව වාගේ එකක්.

2019 ජනාධිපතිවරණය ප්‍රකාශ කළාට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් අතුරු තහනම් නියෝගයක් ඉල්ලුවා පහද හයද කියන එක නිරාකරණය කරන තෙක් මැතිවරණ කොමිසමට මේක ක්‍රියාත්මක කරන්න දෙන්න එපා කියලා  අතුරු තහනම් නියෝගයක් ඉල්ලුවා.  නිශ්ප්‍රභා කළා විභාගයට ගන්නෙ නැතිව.

ඊලඟට මේ ලේනා මහත්මයා ඉදිරිපත් කළ පෙත්සමෙත් ඉල්ලුවා. තීරණය කළා පහයි කියලා. ඊලඟට ගරු සභාපති තුමනි, මේක පහයි කියලා පහෙන් ජනාධිපතිවරයෙක් තෝරගෙනත් තියනවා. අර්ථ නිරූපණයන් නෙමෙයි. පහෙන් ජනාධිපතිවරයෙක් තෝරගෙනත් තියනවා.

දැන් කාටද කියන ගැටලුව පහද හයද කියලා. මෙතන පහද හයද කියලා ගැටලුවක් නෑ. ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේ පූර්ණ බලය තියෙන්නේ ශ්‍රේෂ්ඨාධීකරණයට. අවස්ථා තුනක දී  මෙම ධූර කාලය අවුරුදු 5යි කියලා තීරණය කරලා තියනවා.

ඒ විතරක් නෙමෙයි, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා දන්නවා 83 වගන්තියට අත තිබ්බේ නැත්තේ ඇයි කියලා 19වැනි සංශෝධනය හදනකොට.     83 වගන්තියෙ ඉතා පැහැදිලිව ජනමත විචාරණයට ලක්වන වගන්තියක්. 19 සාකච්ඡා කරන තැන මමත් හිටියා. ඒ වෙලාවෙදි ඉතා පැහැදිලිව ඒ සකස් කිරීමට උදව් කළ නීතිඥ මහත්වරු ලබා දුන්න උපදේශය තමයි 19 වැනි සංශෝධනය සකස් කරන්න ජනමත විචාරණයකට තුඩු නොවන කරුණුවලින් සමන්විතව කියලා.

ඒ අනුව තමයි 32 .2 වගන්තියේ නිශ්චිත ලෙස ජනාධිපතිවරයා තෝරා ගන්නා කාලය අවුරුදු පහයි කියලා නිශ්චිත කරලා තියෙන්නේ. එතකොට මේ ජනාධිපතිවරයා තේරී පත් වෙලා තියෙන්නේ අවුරුදු පහකට. තව මොන විකාරයකට ද මේ පුටුවෙ  ඉන්න හදන්නේ.

දැන් මොකක්ද කරන්න හදන්නේ. මේ පාර්ලිමේන්තුවෙ විවාද කළ යුතු කාරණයක් නෙමෙයි. පාර්ලිමේන්තු අණ පනත් වලින් නිශ්ඡිතව සඳහන් කරන කාරණාවක්.

හැබැයි මේ මන්ත්‍රිවරුන්ගෙත් අදහසක් තියනවා රටෙත් අදහසක් තියනවා රනිල් වික්‍රමසිංහ කියන්නේ මහා සූත්තර කාරයෙක්. මොනව හරි ගැටයක් මේකට ගහයි කියලා.

සමහර මන්ත්‍රීවරු කියනවා මේ ජනාධිපතිවරයාට ඡන්දයකින් තොරවම ඉන්න දෙන්න ඕන කියලා. වජර අබේ වර්ධන, ඔබතුමා කියනවා තව අවුරුදු 12ක් ඉන්න දෙන්න ඕන කියලා. ඒ කියන්නේ 87 වෙනකම්.  ඔබතුමාට මුක්කුවටත් යන්න වෙයි.

රංගේ බණ්ඩාර කියනවා තව  අවුරුද්දක් දෙන්න ඕන කියලා.  තව ජනමත විචාරණයක් දෙන්න ඕන කියලා. මොකක් ද මේ. ඒ නිසා රට තුළ ව්‍යාකූලත්වයක් මතුවෙමින් තියනවා මේ ජනාධිපතිවරණය පවත්වනවා ද නැද්ද කියන එක පිළිබඳව.

ඒ නිසා රනිල් මාර සූත්තර කාරයා. ගැට කාරයා කියලා හිතන් ඉන්නවා. පවු මේ මන්ත්‍රිවරු මෙහෙම හිතන් ඉන්නවට. එයා ගැට කාරයෙකුත් නෙමෙයි. සූත්තර කාරයෙකුත් නෙමෙයි. මම කියන්නම් වෙන වැඩේ. ජනාධිපතිවරණය නිසි පරිදි පවත්වනවා. පරදිනවා. සාමකාමීව ගෙදර යනවා. ඒකත් මම දන්නවා. ඕක තමයි වෙන්නේ.

හැබැයි පවු මේ මන්ත්‍රීවරුන්ට හදනවා චිත්‍රයක් මෙයා මාර සූත්තරකාරයා. තව අවුරුද්දක් දික්කරගනී. මාර ගේමක් ගහයි.

මොන ගේමක්වත් නෑ ඔය ඔළුවේ. ඔය ඔලුවෙන් ගහපු හැම ගේමක්ම අසාර්ථකයි. එහෙම ගේම් සාර්ථක වුනා නම්… එයා වැඩිම ගේම් ගැහුවේ පක්ෂය ඇතුළෙ නේ. ආණ්ඩ් මෙහෙයුවට වැඩියෙන් එයා මෙහෙයවලා තියෙන්නේ පක්ෂයක්. ආණ්ඩු මෙහෙයවලා තියෙන්නේ පොඩි කාලයයි. පක්ෂයක් අවුරුදු 25ක් මෙහෙයෙව්වා.  පක්ෂයක් අවුරුදු 30ක් මෙහෙයවලා ගැට ගහලා ගැට ගහලා ගේම් ගහලා අන්තිමට මොකද වුනේ.

පාර්ලිමේන්තුවටත් එන්න බැරි වුනානේ.

ඔන්න එතුමාගේ ගේම්වල ප්‍රතිඵල. රටත් හිතන් ඉන්නවා මේ මන්ත්‍රීවරුත් හිතන් ඉන්නවා මාර ගේම් කාරයා, මාර සූත්තර කාරයා කියලා.  මොකක් හරි අටවයි… මොකවත් අටවන්න බෑ. එයා අටෝපු කිසි දෙයක් සාර්ථක වෙලා නෑ. ඒ නිසාද දන්නේ එයා අටවන ජනාධිපති වුනෙත්. එයා අටවන ජනාධිපති. එයා හැමදාම මේක අටව අටව හිටියට එකක්වත් සාර්ථක වෙන්නේ නෑ.

මේ ජනාධිපතිවරණ ඡන්දය වළක්වන්න කරන කිසිවක් සාර්ථක වෙන්නේ නැති බව පැහැදිලියි.  මේ යෝජනාව අපට ගේන්න අවශ්‍ය වි තිබෙන්නේ මේ ව්‍යාකූලත්වය මගහරවන්න.

ගේම් කරයො ගැන කියනවා නම් මහින්ද ගේම්. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා නම් ගේම් මාස්ටර්.  පක්ෂ කඩලා තියනවා. අරන් තියනවා . තමන්ට එරෙහිව වතමන් ඝාකනය කරන්න කුමන්ත්‍රණය කළා කියපු කෙනත් කරට අත දාගන්න තරම්… ගේම් නම් ගේම්. මේ මොන ගේම් ද රනිල්ගේ.

ඒ නිසා හරි පැදිලියි. සංශෝධනයක අවශ්‍යතාවයක්  නෑ. සංශෝධනයක අවශ්‍යතාවය තියෙන්නේ ගැටලුවක් තියනවා නම්. ගැටලුවක් නෑ. ශ්‍රේෂ්ඨාධීකරණය මේ ධූර කාලය අවස්ථා තුනකදි අවුරුද් පහයි කියලා නිශ්ඡය කරලා තියනවා.

අනුරකුමාර දිසානායක මන්ත්‍රීවරයා කීවේය.  ඔහු අද කළ සම්පූර්ණ කතාව පහත වීඩියෝවේ දැක්වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නීතිපති ධූරය පාරින්ද රණසිංහට… ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ලැබෙයි!

Next Post

හිරුණිකාගේ ඇප ඉල්ලීමට එරෙහිව නීතිපති විරෝධතා ගොනු කරයි!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.