හිටපු ජනාධිපතිවරුන් වන ගෝඨාභය රාජපක්ෂ හා මහින්ද රාජපක්ෂට කැනඩා රජය මඟින් සම්බාධක පැනවීම සම්බන්ධයෙන් විරෝධය පළ කිරීම සඳහා ශ්‍රී ලංකාවේ, වැඩබලන කැනඩා තානාපතිවරයා අද විදේශ අමාත්‍යංශයට කැඳවා ඇත.
එහිදී ඔහු විදේශ අමාත්‍ය අලි සබ්‍රි සමඟ සාකචඡාවක නියැලුනු බව විදේශ අමාත්‍යංශ අරංචි මාර්ග සඳහන් කරයි.
ඊයේ හිටපු ජනාධිපතවරුන් දෙදෙනාට කැනඩාව වෙත ඇතුලුවීම සපුරා තහනම් කරමින් කැනඩා රජය විසින් දැඩි සම්බාධක පනවන ලදී. එහිදී කැනඩාවට ඇතුළුවීම පමණක් නොව, කැනඩාවේ කිසිදු ව්‍යාපාරයක් කිරීම තහනම් කිරීම මෙන්ම කැනඩාවේ ඔවුන් සතුව තිබිය හැකි සියලුම වත්කම් භාවිතය ද තහනම් කර තිබේ.
මෙහිදී ජනාධිපතිවරුන් දෙදෙනාට පමණක් නොව ශ්‍රී ලංකා යුධ හමුදාවේ මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක හා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන අයට ද සම්බාධක පනවා තිබිණි.
මේ දිනවල කැනඩා තානාපතිවරයා රටින් බැහැරව සිටින හෙයින් වැඩබලන තානාපතිවරයා තහනම සම්බන්ධයෙන් විමසිමට කිරීමට විදේශ අමාත්‍යශංයට කැඳවා ඇත.