ලලිත් චාමින්ද –
මහා භාණ්ඩාගාරයේ දැනුවත් වීමකින් තොරව වෙනත් අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු විසින් ව්‍යාපෘති 20ක් සඳහා රුපියල් එකසිය අසුතුන් කෝටි, හැත්තෑතුන් ලක්ෂ, විසිඑක් දහස්, හාරසිය විස්සක (1,837,321,420) මුදලක් විදේශ ප්‍රදාන වශයෙන් 2022 වර්ෂයේ දි සෘජුව ලබාගෙන ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.
එම වටිනාකම ප්‍රතිපාදන සලසාගෙන මුල්‍ය ප්‍රකාශනවලට ඇතුළත් කිරීමට කටයුතු කර නොතිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
රාජ්‍ය ගිණුම් චක්‍ර ලේඛ ප්‍රකාරව විදේශ ආධාර සම්බන්ධ සියලු ගනුදෙනු මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් විසින් කළයුතු බවද විගණන වාර්තාවේ සඳහන් වේ.
මේ පිළිබද මහා භාණ්ඩාගාරයේ කළමණාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ චක්‍රලේඛ ප්‍රකාරව විදේශ ආධාර සම්බන්ධ සියලු ගනුදෙනු මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් විසින් කළයුතු බව සඳහන් වුවද මහා භාණ්ඩාගාරයේ දැනුවත්භාවයකින් තොරව අමාත්‍යංශ දෙපාර්තමේන්තු මගින් සෘජුව විදේශ ප්‍රදාන ලබාගෙන ඇතිබවය.
සෘජුවම ලැබෙන විදේශ ප්‍රදාන අයවැය ප්‍රතිපාදන සලසාගෙන මුල්‍ය ප්‍රකාශවල ඇතුළත් කිරීම සඳහා වාර්තා කිරීම එවා ක්‍රියාත්මක කරන ආයතනවල වගකිමක් බවද මහභාණ්ඩාගාරයේ කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන් කොට ඇත.
මෙවැනි තත්වයන් වලක්වා ගැනිම සඳහා මහා භාණ්ඩාගාරය සියලු ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවද විගණනයට සඳහන් කොට ඇත.