මහ මැතිවරණයක් පිළිබඳ ජනාධිපතිවරයා විසින් සිදුකළ ප්‍රකාශයෙන් අනතුරුව මුල් වරට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුනේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර සිදුවූ හමුව ධනාත්මකව නිමා වූ බව බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කර ඇතැයි ඩේලි මිරර් වාර්තා කරයි.
අවසන් තීරණයට එළඹීමට පෙර එකිනෙකාගේ පාර්ශවයන්හි එකඟතාවය විමසා බැලීමට තීරණය කර ඇති බවත් බැසිල් රාජපක්ෂ උපුටා දක්වමින් ඩේලි මිරර් පවසයි.
පළමුව පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට තීරණය කළේ දැයි විමසූ විට බැසිල් රාජපක්ෂ සෘජු පිළිතුරක් දීම ප්‍රතික්ෂේප කළ නමුත් ප්‍රතිඵලය ධනාත්මක බව පවසා තිබේ.
ජනාධිපතිවරයා සමඟ එකඟ වූ දේ පිළිබඳව සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාව මාර්තු 27 වනදා රැස්වන බව ඔහු පැවසීය. ජනාධිපතිවරයා මෙම කාරණය තම එක්සත් ජාතික පක්ෂයට (එජාප) යොමු කරනු ඇත.
“අපගේ පක්ෂවල අදහස් විමසා සතියක් ඇතුළත අපි නැවත හමුවෙනවා,”බැසිල් රාජපක්ෂ පවසා ඇත.
මීට පෙර බැසිල් රාජපක්ෂ ජනාධිපතිවරණයට පෙර හදිසි මහ මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලා සිටියේය.