අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පියල් නිශාන්තගේ මරණ තර්ජණ හමුවේ ජනාධිපතිට ලිපියක් ලියා සී-නෝර් පදනමේ සභාපති ඉල්ලා අස් වෙයි!

by editor
මාර්තු 22, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

රංජන් කස්තුරි – ලංකාදීප – 

රාජ්‍ය ඇමැති පියල් නිශාන්තගේ මරණීය තර්ජන හේතුවෙන් තවදුරටත් රාජකාරි කිරීමට නොහැකි බව ජනපතිවරයාට ලිපියකින් දන්වා සී-නෝර් පදනමේ සභාපති ආචාර්ය දුලාන් හෙට්ටිආරච්චි සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.

ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත  තමාට තර්ජනය කරමින් අල්ලස් ඉල්ලන බවත් ඒවා ලබා නොදුන් ඇතැම් අවස්ථාවල විවිධ මාර්ගවලින් මරණීය තර්ජන කරන බවත් සඳහන් කරමින් ආචාර්ය දුලාන් හෙට්ටිආරච්චි   මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ලිඛිතව දන්වා ඇත.

ධීවර රාජ්‍ය අමාත්‍යාංශය යටතේ තිබෙන සීමාසහිත සී නෝර් පදනම දිගින් දිගමට පාඩු ලබන තත්වයක තිබිය දී තමා සභාපති ධුරය බාරගත් බවත් පියල් නිශාන්ත  එම ආයතනයට සේවකයන් විසි දෙනකුට අලුතෙන් පත්වීම් දුන් බවත් දුලාන් හෙට්ටිආරච්චි  ජනාධිතිවරයාට යවා ඇති ලිඛිත පැමිණිල්ලේ සඳහන් වේ.

රාජ්‍ය ඇමැතිවරයා සිය ආසනයේ ඡන්දදායකයන්ට බෙදාදීමට බව කියමින් රුපියල් දස දහසක් වටිනා බඩු මලු ඉල්ලා සිටින අතර අතැම් අවස්ථාවල බඩු මලු මිලදී ගැනීම සඳහා මුදල් ඉල්ලා තර්ජනය කරන බවද සභාපතිවරයා ජනාධිපතිවරයාට යැවූ ලිපියේ සඳහන් කර ඇත.

අලුත් සේවකයන්ට අමාත්‍යාංශයෙන් වැටුප් ගෙවන ලෙස තමාට බලපෑම් කරන බවද එම ලපියේ සඳහන් කර තිබේ.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

රාජ්‍ය ඇමැතිවරයාගේ මෙම තර්ජන හේතුවෙන් තමා බලවත් චිත්ත පීඩාවකට පත්ව රාජකාරී කටයුතු කර ගැනීමට අපහසුවී ඇති බවද එම නිසා තමන් ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණයක් ගත් බවද ආචාර්ය දුලාන් හෙට්ටිආරච්චි   ජනාධිපතිවරයාට යවා ඇති ලිපියේ සඳහන් වෙයි.

තමා සභාපති ධුරය භාරගත් පසුව ආයතනයේ තිබූ රුපියල් කෝටි පහක බැංකු අයිරාව ගෙවා ආයතනය ලාබ ලබන තත්ත්වයට පත් කළ බවද සී නෝර් අවන්හලේ නඩු කටයුතු නිමවා රුපියල් ලක්ෂ 80ක මුදලක් ආයතනයට ලබා ගත් බවද ඔහු ජනාධිපතිවරයාට දන්වා ඇත.

ෆයිබර් නිෂ්පාදනයට පමණක් යොමු වී තිබූ සී නෝර් ආයතනය සිවිල් ඉදිකිරීම්වලට අවතීරණය කිරීම, ඔස්ට්‍රේලියානු ආයෝජන සී නෝර් ආයතනය වෙත ලබා ගැනීම සහ ඉන්දියානු රාජ්‍ය ආයතන සමග සාකච්ඡා කර රුපියල් කෝටි 29ක් ආයතනයේ දියුණුව සඳහා ලබා ගැනීම වැනි විශාල කටයුතු තමාගේ ධුර කාලයේ දී සිදුකළ බවද ඔහු ජනාධිපතිවරයාට යවා ඇති ලිපියේ සඳහන් කර තිබේ.

සිනෝර් සභාපතිවරයා නගන චෝදනා පිළිබඳව ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගෙන් කළ විමසුමකදී ඔහු සඳහන් කළේ තමාට එල්ල කරන චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බවය.

තමාට දෙන ඕනෑම අමාත්‍යාංශයක වගකීම නිසියාකාරව ඉටුකරන බව පැවසූ පියල් නිශාන්ත මහතා සඳහන් කළේ සී.නෝර් ආයතනයේ සභාපතිවරයා සමග තමාට කිසිදු ගැටලුවක් නොතිබූ බවය.

කිසිදු පුද්ගලයකුගේ සිත රිදවීමේ අදහසක් තමාට නොමැති හෙයින් සී නෝර් පදනම ගැන හෝ සභාපතිවරයා ගැන හෝ තමා වැඩි තොරතුරු සඳහන් නොකරන බවද රාජ්‍ය ඇමැතිවරයා කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහා භාණ්ඩාගාරයත් නොදැන අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු කෝටි 174ක විදේශ ප්‍රදාන අරන්… කොතනවත් ලිඛිත වාර්තා නෑ… විගණනය කියයි!

Next Post

කෙහෙළියගේ ඇප ඉල්ලීම සලකා බලන්න දින නියම කරයි!

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.