මහවැස්ස 7167ක් පීඩාවට පත් කරයි…

කීර්ති ප්‍රනාන්දු –

අකුණු සහ සුළං සහිත ධාරාණිපාත වර්ෂාව හේතුවෙන්  දිවයිනේ දිස්ත්‍රික්ක 15 ක පවුල් 1,836 කට අයත් 7,167 දෙනෙක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

මෙම අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් මරණ 6ක් වාර්තා වී ඇතැයි එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

පීඩාවට පත් පවුල් 58 කට අයත් 222 දෙනෙක් ආරක්‍ෂිත ස්ථාන 7ක රඳවා ඇති අතර තවත් පවුල් 157 කට අයත් 599 දෙනෙක් ඥාති නිවෙස්වල රඳවා ඇතැයි එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (මාධ්‍ය) ප්‍රදීප් කොඩිප්පිලි  කියයි.

බදුල්ල, නුවරඑළිය, මාතලේ , මහනුවර, මුලතිව්, කොළඹ, ත්‍රිකුණාමලය, මන්නාරම, රත්නපුර, කළුතර, පුත්තලම, අනුරාධපුර, යාපනය, ගාල්ල සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවලට එම ආපදා තත්ත්වයෙන් බලපෑම් එල්ල වී ඇතැයි ද ඔහු පවසයි.

RelatedPosts

මින් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයටය.  එම දිස්ත්‍රික්කයේ පවුල් 377 කට අයත් 1,621 දෙනෙක් පීඩාවට පත්ව සිටිති. එම දිස්ත්‍රික්කවල නිවාස 14 පූර්ණ හානි සිදුව ඇති අතර තවත් නිවාස 796 කට අර්ධ හානි සිදුව තිබේ.

මේ අතර ඊයේ (08) රතු නිවේදනයක් නිකුත්කළ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව   ඉදිරි පැය 24 තුළ බස්නාහිර ,වයඹ සහ සබරගමුව පළාත්වලටත් මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්ක වලටත් මිලි මීටර් 150 කට අද තද වැසි ඇති විය හැකි බව දන්වා සිටියේය.

එම රතු නිවේදනයට අනුව උතුරු මැද පලාත මාතලේ , ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලට ද මිලි මීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව පෙන්වා දෙයි.

 

Related Posts

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

ADVERTISEMENT

Advertisement

ADVERTISEMENT