මනම්පිටිය නිමල් ජයරත්න –
-
මහවැලිය දෙගොඩතලා යෑමත් සමග ජලගැලුම් නිම්නයේ වන අලින් සහ වන සතුන් ගොඩබිම් කරා එන්න පටන් අරන්…
-
ගං වතුරින් අතරමං වූ යතුරුපැදි ප්‍රවාහනයට රුපියල් 1500 බැගින් අරගෙන මුදල් ගරන ජාවාරමක්…
මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයෙන් පිටාර ගැලීමත් සමග පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගය මනම්පිටිය ගල්ලෑල්ල ප්‍රදේශයේ දී කිලෝමීටර් තුනක් පමණ දුරට බොහෝ ස්ථාන අඩි තුනක් පමණ ගැඹුරට අද (28) ජලයෙන් යටවූයේය.
මේ තත්ත්වය තුළ මාර්ගයේ ගමනාගමන කටයුතු අද රාත්‍රී කාලයේ සිට නතර කර දැමීමට පොළොන්නරුව ආපදා කළමනාකරන කාර්යාලය තීරණය කළේය.

මොරගහකන්ද ජලාශය ඇතුළු ඉහල ජලාශ කීපයක වාන් දොරටු විවෘත කිරීමත් සමඟින් විශාල ජල කඳක් අඹන් ගඟට සහ මහවැලි ගඟට එකතුවීමත් සමග මේ ජල ගැල්ම සිදුවී ඇත.
28 වැනි දා සවස වන විට පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ බර වාහන ගමනාගමන කටයුතු පමණක් සිදුකළ අතර රාත්‍රී වන විට එහි විශාල ජල කඳක් පැවැතිම හේතුවෙන් බර වාහන ගමනාගමන කටයුතුද වලටද මහත් බාධා එල්ල විය.
පොළොන්නරුවට මෙන්ම ඉහළ ප්‍රදේශවලට පවතින වර්ෂාපතනය හේතුවෙන් සෝමාවතීය සුංගාවිල මාර්ගය මෙන්ම පහත් බිම් රැසක් ජලයෙන් යටව ඇත.
උතුරු මැද පළාතත් නැගෙනහිර පළාතත් මායිම් වන පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගය, මනම්පිටිය ප්‍රදේශය ජලයෙන් යට වීමත් සමඟ විකල්ප මාර්ග ලෙස දෙහිඅත්තකණ්ඩිය බකමූණ මාර්ගය භාවිත කිරීමට ආරක්ෂක අංශ විසින් රියදුරන්ට උපදෙස් ලබාදී තිබේ.
මනම්පිටිය සහ ගල්ලැල්ල ප්‍රදේශයේ ඇතැම් තරුණ පිරිස් ප්‍රදේශයේ අතරමං වන යතුරුපැදිකරුවන් ට්‍රැක්ටර් රථ යොදා මනම්පිටිය සහ ගල්ලෑල්ල ප්‍රදේශයට ප්‍රවාහනය කරන අතර ඒ සඳහා එක් යතුරුපැදියකින් රුපියල් 1500 ගාස්තුවක් ලබාගනිමින් සිටින බවත්, එය සංවිධානාත්මක කල්ලියක් ජාවාරමක් බවට පත්කර ගෙන තිබෙන බවත් ගංවතුරින් අසරණ වූවෝ කියති.
මනම්පිටිය මහවැලි ගඟ පිටාරගැලීමත් සමග ජල ගැලීම් නිම්න ජාතික වනෝද්‍යානයේ සිටින වන අලින් මෙන්ම වන සතුන් ගොඩබිම් කරා පැමිණෙමින් සිටින අතර වන අලින් කිහිපදෙනෙකු විසිඅටවෙනිදා සවස මහවැලි ගඟේ ජලයේ සැඩපහරට ගසාගෙන ගිය අයුරුද දැක ගත හැකි විය.







