සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහවැලිය ගලයි… පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගය මනම්පිටියෙන් යටවෙයි…

by editor
දෙසැම්බර් 28, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න  –

  • මහවැලිය දෙගොඩතලා යෑමත් සමග ජලගැලුම් නිම්නයේ වන අලින් සහ වන සතුන් ගොඩබිම් කරා එන්න පටන් අරන්…

  • ගං වතුරින් අතරමං වූ යතුරුපැදි ප්‍රවාහනයට රුපියල් 1500 බැගින් අරගෙන මුදල් ගරන ජාවාරමක්…

මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයෙන් පිටාර ගැලීමත් සමග පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගය මනම්පිටිය ගල්ලෑල්ල ප්‍රදේශයේ දී  කිලෝමීටර් තුනක් පමණ දුරට බොහෝ ස්ථාන අඩි තුනක් පමණ ගැඹුරට අද (28) ජලයෙන් යටවූයේය.

මේ තත්ත්වය තුළ මාර්ගයේ  ගමනාගමන කටයුතු අද රාත්‍රී කාලයේ සිට    නතර කර දැමීමට පොළොන්නරුව ආපදා කළමනාකරන කාර්යාලය තීරණය කළේය.

මොරගහකන්ද ජලාශය ඇතුළු ඉහල ජලාශ කීපයක වාන් දොරටු විවෘත කිරීමත් සමඟින් විශාල ජල කඳක්  අඹන් ගඟට සහ මහවැලි ගඟට එකතුවීමත්  සමග මේ ජල ගැල්ම සිදුවී ඇත.

28 වැනි දා සවස වන විට පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ බර වාහන ගමනාගමන කටයුතු පමණක් සිදුකළ අතර රාත්‍රී වන විට එහි විශාල ජල කඳක් පැවැතිම හේතුවෙන් බර වාහන ගමනාගමන කටයුතුද වලටද මහත් බාධා එල්ල විය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පොළොන්නරුවට  මෙන්ම ඉහළ ප්‍රදේශවලට පවතින වර්ෂාපතනය හේතුවෙන් සෝමාවතීය සුංගාවිල මාර්ගය මෙන්ම පහත් බිම් රැසක් ජලයෙන් යටව ඇත.

උතුරු මැද පළාතත් නැගෙනහිර පළාතත් මායිම් වන පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගය, මනම්පිටිය ප්‍රදේශය ජලයෙන් යට වීමත් සමඟ විකල්ප මාර්ග ලෙස දෙහිඅත්තකණ්ඩිය  බකමූණ මාර්ගය භාවිත කිරීමට ආරක්ෂක අංශ විසින් රියදුරන්ට උපදෙස් ලබාදී තිබේ.

මනම්පිටිය සහ ගල්ලැල්ල ප්‍රදේශයේ ඇතැම් තරුණ පිරිස් ප්‍රදේශයේ අතරමං වන යතුරුපැදිකරුවන් ට්‍රැක්ටර් රථ යොදා මනම්පිටි‍ය සහ ගල්ලෑල්ල ප්‍රදේශයට ප්‍රවාහනය කරන අතර ඒ සඳහා එක් යතුරුපැදියකින් රුපියල් 1500 ගාස්තුවක් ලබාගනිමින් සිටින බවත්, එය සංවිධානාත්මක කල්ලියක් ජාවාරමක් බවට පත්කර ගෙන තිබෙන බවත්  ගංවතුරින් අසරණ වූවෝ කියති.

මනම්පිටිය මහවැලි ගඟ පිටාරගැලීමත් සමග ජල ගැලීම් නිම්න ජාතික වනෝද්‍යානයේ සිටින වන අලින් මෙන්ම වන සතුන් ගොඩබිම් කරා පැමිණෙමින් සිටින අතර වන අලින් කිහිපදෙනෙකු විසිඅටවෙනිදා සවස මහවැලි ගඟේ ජලයේ සැඩපහරට ගසාගෙන ගිය අයුරුද  දැක ගත හැකි විය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

“කිං බානට්” මතකය ඉතිරි කරමින් හරිත් ගුණවර්ධනත් යන්නම ගිහින්…

Next Post

දින පහක් ඇතුළත කළුතර බන්ධනාගාරයේ තුන්වන රැඳවියාත් මරුට!

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.